දේශීය පුවත්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරිමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව දේශපාලන නාටකයක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“තේරීම් කාරක සභාව (පාස්කු ඉරිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව) කියන්නේ දේශපාලන නාට්‍යයක්. මේ නාට්‍ය පුහුණු වෙනවා අරලිය ගහ මන්දිරයේ හවසට. නාට්‍ය පෙන්වනවා උදේට පාර්ලිමේන්තුවේදී.

අනිත් එක තේරීම් කාරක සභාවෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා අද වෙනකම් කියලා නෑ. අප්‍රේල් 21 සිදුවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 7ක් තිබෙනවා. මමත් වග උත්තරකරු කරලා තිබෙනවා නඩු දෙකක.

නඩු 7 විභාගයට ගන්නවා ජූලි 17. ඒක 7 දෙනෙකුගේ යුත් විනිශ්චය මණ්ඩලයක්. ශ්‍රේෂ්ඨාධිකරණය දින තීන්දු කරලා තිබෙනවා. මම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ප්‍රධානියා කරලා පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබෙනවා.

මේ වාර්තා තුන මම නීතිපතිට දුන්නා. මල්ලගොඩ පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවෙන් ඉල්ලුවා. නීතිපති ලිඛිතව දැන්වුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවලට තේරීම් කාරක සභාව බරපතල ගැටලුවක් බවත් මලල්ගොඩ වාර්තා කිසිසේත්ම පාර්ලිමේන්තුවට දෙන්න එපා කියලත් දැන්වූවා.

මම සදාචාරාත්මකව පාර්ලිමේන්තුවට දැන්වූවා අප්‍රේල් 21 සිදුවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 7ක් විභාග කිරීමට තිබියදී රටේ ඉන්න අපරාධ කාරයන්ට බුද්ධි අංශ ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් පෙන්වීම සුදුසු නෑ කියලා.

අපිට එවපු ලිපිය අපි යැව්වා. ඒ කිසි දෙයක් සලකන්නේ නැතිව තමයි තේරීම් කාරක සභාව යන්නේ. තේරීම් කාරක සභාව දේශපාලන අරමුණක්.

මේ රටේ ජනතාව පිළිගන්නේ මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දෙන තීන්දුවද ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුවද? ජාතික වශයෙන් හා අන්තර්ජාතික වශයෙන් පිළිගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව.

මා පත්කළ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව ඕන කෙනෙක් පිළිගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ලෝකයේ ඕන කෙනෙක් පිළිගන්නවා. මේ තේරීම් කාරක සභාව මොකක්ද. අරලිය ගහ මන්දිරයේ නිශ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරලා පාර්ලිමේන්තුවේදී පෙන්වනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More