ජනාධිපතිවරයාගේ තටු කපා එතුමා නිකමෙකු ලෙස තබාගෙන තමන්ට බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කූට උපක‍්‍රමයක් යොදා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කටයුතු උපදේශකවරයා ලෙස මෙයට සම්බන්ධ වූ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතාත් මෙහිදී ජනාධිපතිවරයාගේ බෙල්ල කපා ඇතැයි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
සංශෝධනය හේතුවෙන් රාජ්‍ය පාලනය බෙදී ගොස් රට තුළ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ද මහලේකම්වරයා සදහන් කළේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...