දේශීය පුවත්

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර අභියෝගතා සංස්ථා (Millennium Challenge Corporation) ගිවිසුමේ සෑම වගන්තියක් ගැනම අධ්‍යයනය කිරීමකින් තොරව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක පමණ ප්‍රදානයක් හිමිවන බව පවසා ඇත.

ඉකුත් අවස්ථාවකද මෙම ප්‍රදානය ලබා ගැනීමට උත්සහ කළද එය අසාර්ථක වූ බව පවසා ඇති මංගල සමරවීර මහතා මේ ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිය නිසා එය ලබා ගැනීමට හැකිවූ බව සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More