යම්කිසි හෝටලයක් විසින් මුහුදු වෙරළ හෝ වෙනත් ස්වාභාවික අනතුරු දායක පරිසර පද්ධතියක් තමාගේ ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා යොදා ගන්නේ නම් එම අනතුරුදායක පරිසරයට තම ගැනුම්කරුවන් ගොදුරු නො වීම සඳහා නිසි පියවර ගත යුතු වේ.
උදාහරණයක් ලෙස මුහුදු වෙරළට ප්‍රවේශවීම සඳහා අදාල හෝටලයේ ගේට්ටුවක් මගින් ප්‍රවේශය ලබා දෙන්නේ නම් සහ මුහුදු වෙරළ ආශ්‍රිතව අනතුරුදායක පරිසරයක් හෝ තත්ත්වයක් පවතී නම් ඒ පිළිබඳ දැනුවත් කිරීම හෝටල් හිමියා ගේ වගකීම්කි.
මුහුදු වෙරළේ රතු කොඩියක් සවි කිරීමෙන් හෝ වාචික අනතුරු ඇඟවීම් මගින් එම වගකීම සම්පූර්ණ නොවේ. රතු කොඩියකින් පමණක් අනතුරු සංඥාවක් හැඟවෙන්නේ නැත. මහ පාරේ හෝටල් අසල ද එවැනි රතු නිල් කොඩි දක්නට ඇත. ඒ නිසා එවැනි අනතුරුදායක පර්රිසරයක් පවතී නම් පළමුව ඒ පිළිබඳ ලිඛිත අවවාදාත්මක දැන්වීම් පුවරුවක් මගින් ප්‍රදර්ශනය කළ යුතුය.
දෙවනුව වෙරළාරක්ෂක පුහුණුව ලත් සේවකයෙකු වෙරළ ආශ්‍රිතව සේවයේ යෙදවිය යුතුය.ඒ දෙකම නොකළ බැවින් අදාළ හෝටල් හිමියාට නොසැලකිල්ල මගින් මරණ තුනක් සිදු කිරීමේ චෝදනාවෙන් ගැලවීම පහසු නැත. අප වෙත ඒ බව සඳහන් කොට ලිපියක් එවන්නේ ඊට අදාළ නම සඳහන් නො කරන ලද ලෙස ඉල්ලා සිටින විද්වතෙකු විසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...