ව්‍යාපාරික පුවත්

තව වසර දහයකින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සහමුලින්ම විනාශ වී නැති වී යා හැකි බවට සමස්‌ත ලංකා එක්‌සත් කම්කරු කොංග්‍රස්‌ වෘත්තීය සමිතියේ මහ ලේකම් එස්‌. මුරුගයියා මහතා පවසයි.

මේ වනවිටත් රජයට අයත්ව තිබූ ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය සහ රාජ්‍ය වැවිලි සංස්‌ථාවට අයත් තේ වතු දිගු කාලීන බදු පදනම යටතේ තේ කර්මාන්තය පිළිබඳ කිසිම දැනුමක්‌ නැති, තේ වගාවට ලැදියාවක්‌ නැති රජයට වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාට සමීපතර ව්‍යාපාරිකයන්ට ලබාදී ඇති අතර මෙම ව්‍යාපාරිකයන් තමන් වැය කළ මුදල ඉපැයීම සඳහා තේ කර්මාන්තයේ යටි වගාවක්‌ ලෙස වගා කර තිබුණු තේක්‌ක, බුරුත, මැහෝගනී වැනි දැවැන්ත ගස්‌ වර්ග කපා විකුණා දමා ඇත. එපමණක්‌ නොව තේ කර්මාන්තශාලාවල තිබුණ යන්ත්‍ර සූත්‍ර, කර්මාන්තශාලා ගලවා කොටස්‌ කර නාඩාර් මුදලාලින්ට (පරණ යකඩ මිලදී ගන්නන්) විකුණා මුදල් උපයා ගන්න තත්ත්වයක්‌ ඇත. තේ ගස්‌ කප්පාදු කිරීම, පොහොර නිසි කලට දැමීම, පැරණි තේ ගස්‌ වෙනුවට අලුත් තේ ප්‍රභේද වගා කිරීමක්‌ ද දක්‌නට නොමැත.

තවද රජය වතු කම්කරුවන්ට නිවාස ලබාදීම සඳහා සරුසාරව තිබූ තේ වතු කොටස්‌කර පර්චස්‌ 10 කැබලි කර කම්කරුවන්ට බෙදා දී ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා කුඩා තේ වතු ව්‍යාපාරිකයන් කෙරෙහි විශ්වාස තැබුවත් ශ්‍රී ලංකාවේ කුඩා තේ වතු ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඉදි කළ තේ ශක්‌ති වැඩසටහන යටතේ වූ තේ ශක්‌ති කර්මාන්තශාලා පහළොවම වසා දමා සමහර කර්මාන්තශාලා ගලවා විකුණා දමා හමාරය. 2000 වසරේ ආරම්භ කළ තේ ශක්‌ති ව්‍යාපාරයේ කුඩා තේ වතු ව්‍යාපාරිකයන්ගේ දායක කොටස්‌ මුදල් සඳහා වසර දෙකක්‌ ලංකා බැංකුව හරහා ප්‍රතිලාභ ලබා දුන්නත් දැන් එම තැන්පත්වලට සිදු වූ දෙයක්‌ දැන ගැනීමටවත් නැත.

මේ සම්බන්ධව විමසීමට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ වූ තේ කර්මාන්තය අපට සුදු පාලකයන් ලබාදුන් දායාදයක්‌ බැවින් බලධාරීන්ගේ අවධානය මේ කෙරෙහි යොමු විය යුතු බව දන්වා සිටිමු.

දොළොස්‌බාගේ – නිමල් බණ්‌ඩාර – හේරත්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More