දේශීය පුවත්

ඉන්දියාව සහ රුසියාවේ බුද්ධි අංශ ‌ශ්‍රී ලංකාවේ තත්වය භයනක බවට මත පළ කර තිබියදී ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් එම අන්තවාදී ත්‍රස්තවාදී තර්ජනය දැන් අවසන් බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පිළිගත ‌නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මෙම ත්‍රස්තවාදී තර්ජනය මෙතනින් අවසන් යැයි කිසිවකු සිතන්නේ නම් ඔහු නොම්මර එකේ මෝඩයෙක් බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිව යුතු යයි ඔහු අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් විමසීම් කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඕනෑම පුද්ගලයෙකු කැඳවීමට බලය ඇති බවත් ඔවුන් නොපැමිණියහොත් එය නීතිවිරෝධී බවත් ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ (24) දින කැලණියේ දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමිනි.‌



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More