තුර්කි විදුලි බලාගාරය සම්බන්ධයෙන් රවි කරුණානායක සහ සාගල රත්නායක යන ඇමැතිවරුන් දෙදෙනා අතර ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වූ බව රජයේ ආරංචි මාර්ග කියයි.
මෙ.වොට් 200 ක විදුලිය මිලදී ගැනීම සඳහා ගෙනෙන තුර්කි බලාගාරය කොළඹ වරායේ ස්ථාපිත කිරීමට රවි කරුණානායක ඇමැතිවරයා යෝජනා කර ඇති අතර සාගල රත්නායක ඇමැතිවරයා ඊට විරෝධය පළකර ඇති බව ද එම ආරංචි මාර්ග කියයි.
මෙම බලාගාරය උස්වැටකෙයියාව ධීවර වරායෙත්, ගාලු වරායෙත් ස්ථාපිත කිරීමට කලින් යෝජනා කර තිබූ අතර එය කොළඹ වරායේ ස්ථාපිත කළ හැකි බව ඇමැති රවි කරුණානායක මහතා පවසා ඇති බව වාර්තා විය.
එහෙත් මේ පිළිබඳ කිසිම තොරතුරක් වරාය අධිකාරියට ලැබී නැති බැවින් ඊට ඉඩදිය නොහැකි බව සාගල රත්නායක ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.
මාස තුනක් තිස්සේ බලාගාරය ස්ථාපිත කිරීමට උත්සාහ කළ ද එය කරගත නොහැකි වූ බව පවසා ඇති රවි කරුණානායක ඇමැතිවරයා මේ තත්ත්වය තුළ විදුලිය කැපීමක් සිදුවුව හොත් තමාට දොස් නගන්නට එපා යනුවෙන් ද ප්‍රකාශ කළ බව වාර්තා විය.
ඊට පිළිතුරු දී ඇති සාගල රත්නායක ඇමැතිවරයා මෙම ගැටලුව මතු වී ඇත්තේ විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව ගෙන්වීම නිසා බව සඳහන් කර ඇත.
මෙම තුර්කි බලාගාරයෙන් විදුලිය ඒකකය රුපියල් 26 ක මුදලකට මෙ.වොට් 200 ක් මිලදී ගන්නා බව රවි කරුණානායක ඇමැතිවරයා මීට පෙර පවසා තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...