දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයන් පිළිබඳව සොයා බැලීමට පත්කර ඇති විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (PSC) හමුවේ පෙනී සිටීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

අගමැති වික්‍රමසිංහ මහතා කාරක සභාවට දැනුම් දී ඇත්තේ කමිටුව තමා කැඳවීමට පෙර සාක්ෂි දීමට කැමැත්තෙන් සිටින බව යැයිද කමිටු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කාරක සභාව හමුවේ සාක්ෂි දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති වික්‍රමසිංහ මහතා යන දෙදෙනාම කැඳවීමට තේරීම් කාරක සභාව සලකා බලමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සහ වරාය, නාවික හා දකුණු සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සහ වත්මන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද කමිටුව හමුවට කැඳවීමට සැරසෙන බව මේ අතර වාර්තා වේ.

තේරීම් කාරක සභාවේ මීළඟ රැස්වීම් සඳහා ආයෝජන මණ්ඩලයේ (BOI) නිලධාරීන් මෙන්ම ලංකා බැංකුවේ (BOC) නිලධාරීන් ද කැඳවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මීළඟ රැස්වීම් අඟහරුවාදා (25) ප.ව 2.00 ට පැවැත්වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More