මසකින් මසකට හදිසි නීතිය දීර්ඝ කිරීම තුළින් ඉබෙම හදිසි නීතිය අහෝසි වන බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු මෙජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ත්‍රිවිධ හමුදාවන්ගේ බල තල සම්පුරණයෙන් ඉවත්වි බැරැක්ක වලට පමනක් සීමාව සිටිමට සිදුවන අතර රජයේ ආයතනවලට දුන් ආරක්ෂාව, මර්ග බාධක රාජකාරි වලින් හමුදාව සම්පුර්ණයෙන් ඉවත් වීම හදිසි නීතිය ඉවත් කිරීම මගින් සිදු වන බවද සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් ප්‍රසන්න මහතා මෙසේද පැවසිය.
“ මේක ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් කෘතිම සාමකාමිත්වය පෙන්වීමට ගන්නා උත්සාහයක් විතරයි. සහාරාන් මිය ගියාට ජිහාට්වාදි අන්තවාදි පිරිස් ලංකාව තුළ තවමත් ඉන්නවා. කෘතිම ලෙස රට සාමකාමි කරලා පෙන්නලා බැරිවෙලාවත් නැවත ප්‍රහාරයක් එල්ල වුවහොත් මහජනතාව පාරට බහින්නෙ ජනාධිපති, අගමැති, කැබිනට් ඇමතිවරුන්ගෙ බෙල්ලෙන් අල්ල ගන්නයි. ඒ අයගෙ ආයතන වැටලිමට ජනතාව සමග සිට ගැනිමට අපිත් සූදානම්” බවද සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...