දේශීය පුවත්

නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි අනුරාධපුර සමයට අයත් බවට සැළකෙන විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විසිරී පවතින නටඹුන් පරීක්‍ෂා කිරීමේදී මෙම ස්ථූපය හා ආරාම සංකීර්ණය ක්‍රි.ව. 02-03 පමණ සියවස්වලට අයත් වෙතැයි අනුමාන කල හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවඩිවෙම්බු ග්‍රාම සේවා වසමේ මෙම ස්තූපය හා ආරාම සංකීර්ණය පිහිටා ඇත.

වාලච්චේන මඩකලපුව මාර්ගයේ ADS හංදියෙන් වමට හැරී කිලෝමීටර් 04ක් පමණ දුරක් ගමන් කිරීමෙන් මෙකී ස්ථානයට ළඟාවීමේ හැකියාව පවතී. කලපු කොටසකින් වටවූ භූමියේ තරමක් උස් ස්ථානයක ආරාම සංකීර්ණය පිහිටා ඇත.

මෙහි ප්‍රධාන ස්තූපය හා ආරාම සංකීර්ණයේ කොටසක් ඩෝසර් කර මිරිස්, මෑ, බටු හා පොල් වැනි බෝග වගාකර ඇත. ස්තූපයට අමතරව ඉපැරණි ගොඩනැගිලි 07ක අවශේෂ හඳුනාගත හැක. ස්තූපයට නැගෙනහිරට වන්නට පිහිටි අවශේෂ ගොඩනැගිලි තවමත් විනාශකර නොමැත.

ස්තූපයේ උතුරු දිශාවට වන්නට සිරිපතුල් ගල් දෙකක් හා කැටයම් රහිත සඳකඩ පහණක් දැකිය හැකිය. ස්තූපයට අයත් විශාල ප්‍රමාණයේ ශිලා පුවරු, ස්තම්භ හා ගඩොල් යන්ත්‍රෝපකරණ මාර්ගයෙන් ඉවත්කර ඉඩමේ කෙළවර ගොඩගසා ඇතැයි පුරාවිද්‍යා ආරංචි මාර්ග පවසයි.

තවත් ගඩොල් කොටස් ස්තූපය අසළම ගොඩගසා ඇත බවත් ස්තූපයේ විශ්කම්භය මීටර් 32ක් පමණ බවත් සඳහන් වෙයි.

ස්තූපයේ පේසා වළලු හා ගර්භයේ බිත්ති කොටස් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මෙයට අයත් බොරදම් ගඩොල් තැන තැන විසිර පවතී. ස්තූපයට නැගෙනහිර දිශාවට වන්නට පෙරලා දමන ලද යූපස්ථම්භය දැකිය හැකිය. භූමිය පුරා රක්ත වර්ණාලේපිත මැටිබඳුන් කොටස් මෙන්ම උළු හා ගඩොල් විසිර පවතී.

අද



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More