පුරවැසි කොලම

2006 වර්ෂයේදී වයසට නියමිත බරකින් සමන්විත නොවූ දරුවන්ගේ සංඛ්‍යාව ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 21ක් වූ අතර 2016 වන විට මෙම අගය සියයට 20.5 ක් විය. එසේම 2006 වර්ෂයේදී උපතේදී අඩු බරකින් සමන්විත වූ දරුවන්ගේ ප‍්‍රතිශතය සියයට දාසයක් වූ අතර 2016 වර්ෂයේ දී මෙම අගය සියයට 15.7 ක් බව සෞඛ්‍ය සමීක්ෂණ වාර්තා මගින් පෙන්නුම් කරයි. මේ අනුව පසුගිය කාලසීමාවේදී රටේ කුඩා දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් සැලකිය යුතු ප‍්‍රගතියක් අත්පත් වී නොමැති බව ජාතික හා ජාත්‍යන්තර විද්‍යාත්මකව පර්යේෂකයෝ පෙන්වා දෙති.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තිස්සමහාරාම ප‍්‍රදේශයේ පවුලක වයස අවුරුද්දට අඩු කුඩා දරුවෙකු මන්දපෝෂිත තත්ත්වය නිසා හා ආහාර හි`ගය නිසා මිය ගිය බව පසුගියදා වාර්තා විය . අවාසනාවට මෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ කොණ්ඩම් කතාවට ලද ප‍්‍රසිද්ධිය හා සාකච්ඡුාව මෙම මන්දපෝෂණ තත්ත්වයෙන් දරුවා මිය යාම සම්බන්ධයෙන් සමාජයේ ඇති නොවීම ඉතා කනගාටුදායකය. දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාව සෞඛ්‍ය දර්ශක වලින් ඉතා ඉහළ තැනක පසුවන නමුත් ශ‍්‍රී ලංකාවේ ජනගහනය තුළ දිළිඳු බව වර්ධනය වීමත් මන්දපෝෂණය වර්ධනයවීමත් සම්බන්ධයෙන් සතුටුදායක තත්ත්වයක් නොපවතින බවට පසුගිය කාල සීමාව මුළුල්ලේම ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුනිසෙෆ් ආයතනය මගින් විටින් විට අනතුරු හඟවා තිබිණි. ඇඟවීම් සිදු කර තිබියදී දේශපාලකයන් හෝ ඉහළ නිලධාරීහු අසතුටට පත්වේ යැයි සිතා මේ සම්බන්ධව දැනුවත් කර ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමෙහි නිරත වන නිලධාරීන් නිසි පරිදි සක‍්‍රීය සාධනීය මෙහෙවරක් සිදුකර ඇතැයි විමසා බැලීම ඉතා වටී මේ වන විට රටේ පවතින යථාර්ථවාදී ස්වරූපය සම්බන්ධ නිවැරදි දත්ත ඉහළ නිලධාරීන් විසින් ප‍්‍රතිපත්ති සම්පාදන කාර්යය නිරතවන දේශපාලකයන් වෙත ලබා දෙන්නේ ද යන ගැටලූව ද මේ සමඟ ඉස්මතු වෙයි.

තවද සාමාන්‍ය ජනතාවට සමාන ලෙස ජීවත්වීමට ඇති ප‍්‍රචාර අයිතිය ගැන කතා නොකොට දේශපාලන අරමුණුවලින් කෑගසන සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති ද මෙවන් වැදගත් සමාජාර්ථික හා සෞඛ්‍ය විද්‍යාත්මක කරුණු වලදී ගොළුවත රකිමින් සිටින්නේ ඔවුන් නියෝජනය කරන්නේද මේ රටේ සාමාන්‍ය මහජනතාවගේ හද ගැස්ම නොවන බව ලොවට සනාථ කරන්නක් නිසාද යන ගැටලූව ඉස්මතු වෙයි.

ගෝලීය සාගිනි දර්ශකය :ඨඛධඊ්ඛ ්‍යඹභඨඍශ ෂභෘෑඞ* – ශ‍්‍රී ලංකාව 67වන ස්ථානයේ රැුඳී සිටින අතර මෙහිදී මන්දපෝෂණ තත්ත්වය. වයසට ගැළපෙන උසකින් දරුවන් සමන්විත නොවීම ළදරු මරණ අනුපාතය සහ උසට ගැලපෙන බරකින් දරුවා සමන්විත නොවීම (ඹබාැරබදමරසියපැබඑ ක්‍යසකා අ්ිඑසබට ක්‍යසකා ිඑමබඑසබට ක්‍යසකා පදරඒකසඑහ* යන කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. ඉන්දියාව ලෝක කුසගිනි දර්ශකය සිය වැනි ස්ථානයේ රැුඳී සිටින අතර මේ අනුව අපේ රටේ ජනගහනයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් වයසට සහ වර්ධනයට ගැළපෙන ආහාර වේලක් භුක්ති නොවිඳින බව සනාථ වෙයි.

2006 – 2016 කාලසීමාවේදී රටේ දිළිඳුකම සහ මන්දපෝෂණය කැපී පෙනෙන ලෙස අඩු වීමෙන් නොමැති බව ලෝක සාගිනි දර්ශකයෙහි පෙන්වා දෙන අන්දමට ශ‍්‍රී ලංකාවේ කුඩා දරුවන් උසට ගැලපෙන බරකින් සමන්විත නොවීමේ ප‍්‍රතිශතය සියයට 21 ඉක්මවා සිටින අතර ඉන්දියාව සහ දකුණු සුඩානය වැනි රටවල තත්ත්වය ද මීට සමාන වේ . සෞඛ්‍ය දර්ශක ඉහළ ශ‍්‍රී ලංකාවේ දරුවන් අතරින් සැලකිය යුතු ප‍්‍රතිශතයක් දිළිඳු භාවය සහ මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන්නේ නම් ඒ සම්බන්ධව මෙරට පාලකයන් සහ ඉහළ නිලධාරීන්ට ඇස් කන් පියා ගෙන සිටීමේ හැකියාවක් නොමැත . මක්නිසාද යත් රටේ හෙට දවසේ අනාගතය භාර ගනු ලබන්නේ අද මෙරට ජීවත්වන කුඩා දරු පරපුර විසින් වීමයි. මන්දපෝෂණය හා දිළිඳුභාවය ආශ‍්‍රිතව රෝගී තත්ත්වයක් නිසා ලංකාවේ දරුවන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ග‍්‍රාමීය රෝහල්්වල මියයන නමුත් ඒවා සම්බන්ධ වාර්තා නොවන බවද ප‍්‍රකාශ කළ හැක. මේ තත්ත්වය උතුරු නැගෙනහිර ද ලංකාවේ දිළිඳුභාවය දැඩි ලෙස පීඩාවට පත්වන ග‍්‍රාමීය ප‍්‍රදේශවලද තේ වතු ආශ‍්‍රිතව ද විශේෂයෙන් කැපී පෙනේ.

ලොව තම රටවල වෙසෙන ජනතාවගේ කුසගින්න හා මන්දපෝෂණ තත්ත්වය තුරන් කිරීමේ කාර්යයේදී ඉදිරියෙන්ම සිටින රටවල් ලෙස බෙලරුසියාව බොස්නියාව, කොස්ටරිකාව, කියුබාව, තුර්කිය, චීනය යන රටවල් පෙන්වාදිය හැක. මේ අනුව මෙම රටවලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාව 67 වැනි ස්ථානය වැනි ඉතා පහළ අගයක රැුඳී සිටින්නේ නම් එය කිසිසේත්ම සුළුවෙන් තැකිය හැකි කරුණක් නොවේ. සෞඛ්‍ය දර්ශක වලින් ඉතා ඉහළ ස්ථානයක රැුඳී සිටින ශ‍්‍රී ලංකාව දිළිඳුභාවය සහ මන්ද පෝෂණයකින් සාපේක්ෂ වශයෙන් පහළ ස්ථානයක රැු`දී සිටීම විශාල අභියෝගයක් වන අතර එම අභියෝගය ජය ගැනීම සඳහා දේශපාලකයන් හා නිලධාරීන් මීට වඩා සක‍්‍රීය විය යුතුව ඇත. රටේ දේශපාලන නායකත්වයත් ජාතික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ අසංවිධානාත්මක භාවයක් සම්පත් බෙදී යාමේ විෂමතාවත් මෙයට සෘජුවම බලපා ඇත..

සෞඛ්‍ය දර්ශක ශ‍්‍රී ලංකාව ඉහළ තැනක රැුඳී සිටින අතර මන්දපෝෂණ තත්ත්වය, ළදරු සහ දරුවන්ගේ මරණ අනුපාතය හා වයසට ගැලපෙන උසකින් දරුවන් සමන්විත නොවීම යන කරුණු පාලනය අතින් ප‍්‍රගතියක් පෙන්නුම් කොට ඇති නමුත් පසුගිය අවසාන දශක කීපයක කාලසීමාවේදී ශ‍්‍රී ලංකාවේ දරුවන් උසට ගැලපෙන බරකින් සමන්විත නොවීම තත්ත්වය ක‍්‍රමානුකූලව ප‍්‍රතිශතයක් ලෙස ඉහළ යන බව ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා පෙන්වා දී ඇත. විශේෂයෙන්ම පසුගිය අවසාන වර්ෂ පහක කාලසීමාව දී ශ‍්‍රී ලංකාවේ ජනගහනය තුළ දිළිඳුභාවය වැඩි වර්ධනය වීමත් කුඩා දරුවන්ගේ ශරීරය කෘෂ වීමේ ප‍්‍රතිශතය වැඩි වර්ධනය වීමත් ඉතාමත් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට සමත්ව ඇත.

සෞඛ්‍ය දර්ශක අතින්ද සෞඛ්‍ය අධ්‍යාපනය අතින්ද ඉහළ තැනක පසුවන ශ‍්‍රී ලංකාව වැනි රටක කුඩා දරුවන් මේ අන්දමට ශරීරය කෘෂ වීම වැනි තත්ත්වයට ගොදුරු වීමට බලපාන ප‍්‍රධාන හේතු සාධකයක් ලෙස ශුද්ධ පෝෂපදාර්ථ අඩු වීමත්, ලබා ගන්නා ආහාර ප‍්‍රමාණය අඩුවීමත්, ග‍්‍රාමීය ජන ප‍්‍රජාව තුළ නිසි පරිදි සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු ප‍්‍රචලිත නොවීමත්, සංස්කෘතිකමය කරුණු ද බලපාන බවට යුනිසෙෆ් සංවිධානය විශ්වාස කරයි.

2006 වර්ෂයේදී වයසට නියමිත බරකින් සමන්විත නොවූ දරුවන්ගේ සංඛ්‍යාව ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 21ක් වූ අතර 2016 වන විට මෙම අගය සියයට 20.5 ක් විය. එසේම 2006 වර්ෂයේදී උපතේදී අඩු බරකින් සමන්විත වූ දරුවන්ගේ ප‍්‍රතිශතය සියයට දාසයක් වූ අතර 2016 වර්ෂයේ දී මෙම අගය සියයට 15.7 ක් බව සෞඛ්‍ය සමීක්ෂණ වාර්තා මගින් පෙන්නුම් කරයි. මේ අනුව පසුගිය කාලසීමාවේදී රටේ කුඩා දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් සැලකිය යුතු ප‍්‍රගතියක් අත්පත් වී නොමැති බව ජාතික හා ජාත්‍යන්තර විද්‍යාත්මකව පර්යේෂකයෝ පෙන්වා දෙති.

ශ‍්‍රී ලංකාවේ සෑම පළාතකම සමාජ ආර්ථික හා දේශපාලන තත්ත්වයන් සමාන ලෙස ව්‍යාප්ත වී නොමැති අතර ඉහත සඳහන් කළ දර්ශකයන්ගේ අගයන් ඉතා ග‍්‍රාමීය ප‍්‍රදේශවල සහ වතු ආශ‍්‍රිත කලාපවල තවත් ශෝචනීය ලෙස පහත අගයක පවතී. විශේෂයෙන්ම 2016 – 17 ජනගහන හා සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව :ෘ්‍යී* පෙන්නුම් කරන පරිදි මධ්‍යම පාන්තික දරුවකු මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු වීමට සාපේක්ෂ්ව අඩු ආදායම්ලාභී පවුලක දරුවකු මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු වීමේ අවදානම දෙගුණයකට වඩා වැඩි බව සඳහන් කර සිටියි. විශේෂයෙන්ම අපේ රටේ දුප්පත් ජනගහනය අයත් වන පවුල්වල දරුවන්ගෙන් වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 27.6 ක ප‍්‍රමාණයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන අතර සාමාන්‍ය මධ්‍යම පාන්තික හෝ ධනවත් පවුල්වල වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ 12.5% ක ප‍්‍රතිශතයකි. මේ අනුව සමාජයේ පවතින සමාජ ආර්ථික දේශපාලන විෂමතාවයන් සෘජුවම කුඩා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි බලපාන බව මෙම සමීක්ෂණ වාර්තා මගින් පෙන්වා දී ඇත.

සමබල ආහාර වේලක් වෙනුවට පිටි අධික ආහාර, මේද අධික ආහාර ලබාගැනීම, ප්‍රෝටීන අඩුවෙන් අඩංගු වන ආහාර ලබාගැනීම මෙන්ම දෙමව්පියන්ගේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතය ද කාන්තාවන්ගේ අඩු අධ්‍යාපන මට්ටම ද කුඩා දරුවන්ගේ උපත් බර සහ අවුරුදු පහට අඩු දරුවන්ගේ බර අඩු වීම කෙරෙහි බලපාන ඍජු සහ වක‍්‍ර සාධකයන් ලෙස හඳුනාගෙන ඇත. එම තත්ත්වය ඉතා දිළිඳු ග‍්‍රාමීය ප‍්‍රදේශ වල සහ වතුකම්කරුවන් වෙසෙන කලාපවල වැඩි වශයෙන් ඉස්මතුව පෙනේ. විශේෂයෙන්ම අපේ රටේ බොහෝ දිළිඳු පවුල්වල ආහාරවේල පාන් හා පාන් පිටි අශි‍්‍රත නිෂ්පාදන වලින් සමන්විත වන අතර මස් මාළු හෝ පෝෂ්‍යපදාර්ථ වලින් අඩංගු එළවළු පලතුරු වලින් යුක්ත වන ආහාර වේලක් ලබාගන්නා පවුල් සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අඩු බව කරන ලද සමීක්ෂණ මගින් සනාථ වී ඇත. මේ තත්ත්වය කෙරෙහි රටේ පාලකයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුව ඇත.

මේ අතර කුඩා දරුවන්ගේ බර අඩුවීම උසට ගැලපෙන බරකින් සමන්විත නොවීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමේදී ග‍්‍රාමීය වශයෙන් ඉතා පුළුල් හා සාකච්ඡුාවට බඳුන් විය යුතුය. ප‍්‍රායෝගිකව පෝෂණ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වැඩි වශයෙන් අවධාරණය කළ හැක. වැඩිපුර පෙර කියවෙන වතුකම්කරු ප‍්‍රදේශ හා අර්ධ නාගරික ග‍්‍රාමීය ප‍්‍රදේශවල පවුල් තෝරාගෙන එම ප‍්‍රදේශ ආශ‍්‍රිතව ජනගහනයේ චර්යාත්මක වෙනස්කම් :ඉැය්ඩසදර ජය්බටැි* සිදු කිරීමත් දරුවන්ට ගැලපෙන නියම ආහාර පාරිසරික පද්ධතිය තුළින්ම ලබා දෙන හා ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අධ්‍යාපනික වශයෙන් දැනුවත් කිරීම වැදගත් වන අතර මව සහ පියාගේ ජීවන තත්ත්වය අධ්‍යාපන තත්ත්වය ද වෙනස් කිරීම සඳහා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ වගකීම රාජ්‍ය නිලධාරීන්ට පැවරිය යුතුය. සීතල කාමරවලට ප‍්‍රතිපත්ති සකස් කිරීම හෝ තමාගේ රාජකාරි කාමරයට වී ලිපිගොනුවල සංඛ්‍යාලේඛන පිරවීමෙන් පමණක් මේ සියල්ල සම්පූර්ණ කරගත නොහැක.

යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙන පරිදි ශ‍්‍රී ලංකාව තුළ අවම වශයෙන් මන්දපෝෂණ තත්ත්වයට ළඟා වූ දරුවන් විසිපන්දහසකට ආසන්න ප‍්‍රමාණයක් දිවයිනේ නාගරික සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත් වෙති. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස දීර්ඝකාලීන වශයෙන් සමබල හා පෝෂණීය ආහාර ලබා ගැනීමේ හැකියාව බොහෝ පවුල්වල දරුවන්ට අහිමි වෙමින් පවතී. සාමාන්‍යයෙන් අපගේ ආහාරවේල තුළ වැඩි ප‍්‍රමාණයක් බත් වලට හිමිවී ඇති අතර පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන එළවළු පලතුරු මස් මාළු බිත්තර වලට හිමිවන්නේ අඩු අවධානයකි. අවසානය අසමතුලිත ආහාර වේලක් මවුවරුන්ට සහ දරුවන්ට ලැබීමයි. නාගරික ප‍්‍රදේශවල වෙසෙන කාන්තාවන් අතරින් සියයට 5.5ක්ද ග‍්‍රාමීය ප‍්‍රදේශවල වෙසෙන කාන්තාවන් අතරින් 9% ද මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන්ම කොළඹ ගැමි අධි නාගරික කලාපවල පවා වෙසෙන කාන්තාවන් අතරින් සැළකිය යුතු ගණනක් දිළිඳුභාවය සහ මන්දපෝෂණය නිසා විවිධාකාර රෝගී තත්වයන්ට ගොදුරු වී ඇත.

සෞඛ්‍ය අධ්‍යාපනික වශයෙන් වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවකයන් දරුවන්ට පෝෂදායි ආහාර ලබා දෙන ලෙස උපදෙස් දෙන නමුත් රුපියල් 5000 කට ආසන්න අනියම් වැටුපකින් මාසිකව ජීවත්වන බොහෝ දිළිඳු පවුල්වල දෙමව්පියන්ට වෛද්‍යවරුන් හෝ පෝෂණ වැඩසටහන්වල පවසන අන්දමට පෝෂදායී සමබල ආහාර ලබාදීම කිසිසේත්ම පහසු කටයුත්තක් වන්නේ නැත.

ශ‍්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය හෝ ආහාර නිෂ්පාදිතය සම්බන්ධව පවතින ගැටලූවකට වඩා ආහාර සහ ආදායම් බෙදීයාමේ පවතින දැවැන්ත විෂමතාවයන් මේ අන්දමට මන්දපෝෂණය ඇති වූ සමාජ තත්ත්ව ඇති වීමට හේතු වී ඇති බව පෙන්වා දිය හැක. මේ වන විට රට තුළ සිදුවූ සිදුවීම් පවතින ආර්ථික අස්තාවරභාවය දෛනිකව ඉහළ යන ජීවන වියදමත්, මාසික ඉපයීම් ප‍්‍රමාණය අඩුවීමත්, බදු වශයෙන් විශාල මුදල් ප‍්‍රමාණයක් ගෙවීමට සිදුවීමත් ප‍්‍රතිඵලයක් ලෙස පෝෂදායී ආහාර ලබා ගැනීම සඳහා ජනතාවට මුදල්මය වශයෙන් වැය කිරීමට සිදුවීම නිසා එම පවුල්වල දරුවන් මන්ද පෝෂණ තත්ත්වයට

ගොදුරු වන බව සඳහන් කළ හැක.

මේ අනුව කුඩා දරුවන්ට මන්දපෝෂණ තත්ත්වය ඇතිවීම කෙරෙහි එක් හේතු සාධකයක් නොව හේතු සාධක රාශියක් බලපාන බව පෙන්නුම් කළ හැක. එම හේතු සාධක අතරින් වඩාත් බරපතළ හා ප‍්‍රධානම හේතු සාධකය නම් සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් පවතින ආදායම් බෙදීයාමේ පවතින විෂමතාවයයි. අවසානයේදී විෂම චක‍්‍රයක් ලෙස පෝෂණ හා සෞඛ්‍ය තත්ත්වයන් කෙරෙහි ද සෘජුව බලපාන බව අවධාරණය කළ හැක අමතරව විටමින් ඌනතාවය යකඩ ඇතුළු අනෙකුත් වැදගත් වන පෝෂ්‍යපදාර්ථ වීමේ තත්ත්වයක් නිසා දරුවන් අතරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් රෝහල් ගත කිරීම් සිදුවන බව පෙන්වා දිය හැක.

අවාසනාවට මෙන් පසුගිය කාලයේදී මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වීම නිසා දරුවන් මියයාම සම්බන්ධයෙන් සමාජය තුළ ප‍්‍රබල කතිකාවක් ගොඩ නැඟුණේ නැත. නමුත් මේ වනවිට මන්දපෝෂණ තත්ත්වයන් නිසාද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදේශවල දරුවන් මිය යන බවත් ඒවා මාධ්‍යයට හසු නොවන බවත් පෙන්නුම් කළ හැක. මෙවන් තත්ත්වයක් යටතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කය තිස්සමහාරාම සෞඛ්‍ය කොට්ඨාස තුළින් මතුවූ මාස 11ක පමණ දරුවාගේ මරණය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැක. රටේ දරුවන් මන්දපෝෂණයෙන් ගලවා ගැනීමට නම් රට තුළ කෘෂි ආර්ථිකය ඉහළ නැංවීම සඳහා ප‍්‍රමාණවත් පරිදි ජාතික ප‍්‍රතිපත්තියක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය යළිත් වරක් අවධාරණය කළ යුතුව ඇත. දේශීය කෘෂි හා පශු කර්මාන්තය විනාශ කිරීම වෙනුවට දේශීය කෘෂිකර්මාන්තය ඉහළ නංවා ඒ හරහා දේශීය ජනතාවට පෝෂදායී ආහාර ලබා ගැනීම සඳහා ප‍්‍රමාණවත් වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දිය හැක.

දැනට රට පුරා දශක ගණනාවක් මුළුල්ලේ දිළිඳුකම පිටුදැකීම සඳහා ද කුඩා දරුවන් සහ මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා ද විවිධාකාර වූ දේශපාලන වැඩසටහන් ක‍්‍රියාත්මක වන නමුත් රටේ ජනගහණයෙන් සියයට 25කට ආසන්න ප‍්‍රමාණයක් තවමත් දිළිඳුභාවයෙන් පෙළෙති. පසුගිය දශක 04 කාල සීමාව තුළ පුළුල් ලෙස ක‍්‍රියාත්මක වූ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන්වල කාර්යක්ෂමතාවය ප‍්‍රතිඵල හා ක‍්‍රියාත්මක වීම සම්බන්ධව නැවත වරක් ප‍්‍රශ්නකොට පසු විපරමක් කිරීම ඉතා කාලෝචිත බව සඳහන් කළ හැක. මෙම වැඩසටහන් සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලබාදෙන මූල්‍යාධාර සහ ප‍්‍රතිපාදනයන් හා වැය කළ ඩොලර් බිලියන ගණනක මුදල් වල ප‍්‍රතිඵල ලබාදීමට අසමත් ව සිටින්නේ නම් ඒ සම්බන්ධව රටක් වශයෙන් රටේ පාලකයන් සහ සියලූ රාජ්‍ය නිලධාරීන් ලැජ්ජාවට හා කම්පනයට පත්විය යුතුය.

එසේම රටේ ජනතාවගේ ජීවන තත්ත්වය සැබෑ සංඛ්‍යාලේඛන දේශපාලකයන්ගෙන් වසන් කොට වාසි ලබාගැනීමට මාන බලන ඉහළ රාජ්‍ය සේවකයන් ද තමාගේ හෘද සාක්ෂියෙන් කතා කොට සත්‍ය විමසිය යුතුය.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
chamalsanjeewa@gmail.com|
(හම්බන්තොට හිටපු දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ)
කොළඹ පශ්චාත් වෛද්‍ය විද්‍යා ආයතනය -කොළඹ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More