දේශීය පුවත්

එළඹෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් කඩිනමින් සූදානම්ව සිටින ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය දන්වා ඇති බව වාර්තා වෙයි.

එසේම මේ වන විටත් ආමාත්‍යංශ විසින් දියත්කර ඇති සංවර්ධන ව්‍යාපෘති හැකිතාක් ඉක්මනින් අවසන්කර ජනගත කරන ලෙසත් දන්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජුලි මස 01වැනිදා සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්ව තීරණය කළ බවය.

ඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් මෙම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගෙනයාමට එහි දී තීරණය කළ බව ද අමාත්‍යවරයා පැවසු අතර අමාත්‍යවරුන් අමාත්‍යංශවලින් එළියට බැස මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට තීරණය කළ බව ද පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී රැස්ව සාකච්ඡා කර තීරණ රැසකට පැමිණි බව ද අමාත්‍යවරයා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More