දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව අගෝස්තු 11 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.

එහිදී පක්ෂ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා තෝරා ගැනීමට නියමිත අතර එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තීරණය කිරීම හා එය ප්‍රකාශයට පත් කිරීමේ බලය ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් ප්‍රථම වතාවට නිල වශයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට භාර දීමට පසුගිය බ්‍රහස්පතින්දා (20දා) පැවති මන්ත්‍රී කණ්ඩායමේදී ඒකමතිකව තීරණය කර ඇති බවත් දැනගන්නට ඇත.

මේ අතර විපක්ෂයෙන් මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ හෝ චමල් රාජපක්ෂ බවට විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා වී තිබේ.

කෙසේ වුවත් ජුනි 23 වනදා නිකුත් වන අනිද්දා පුවත්පතේ අනාවරණය කර ඇත්තේ පොහොට්ටු පාර්ශවයේ චමල් රාජපක්ෂ විරෝධයක් ඇතිව තිබෙන බවය. එම පුවත පහත දැක්වෙයි.

පොහොට්ටුවේ චමල් විරෝධයක් !

මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂගේ නම නැවතත් ඉදිරියට ගෙන ඒම පිළිබඳව ශ්‍රී ලංකා‌ පොදුජන පෙරමුණේ ගෝඨාභය හිතවාදී කණ්ඩායමෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙන බවත්,

ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය තුළ ගැටුම් මතුවීමේ ඉඩක් ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කීය.

චමල් රාජපක්ෂගේ නම යෝජනා කරන මන්ත්‍රීවරුන්ට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණඩායමේම ඇතැම් මහජන නියෝජිතයන් බැනවැදී ඇති බවත්, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රචාරක කටයුතු සිදුකරන වෙබ් අඩවිවලින් හා ෆේස් බුක් පිටුවලින් මේ වන විට චමල් හිතවාදී මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි අදහස් පළකර ඇති බවත් එම මන්ත්‍රීවරයා කීය.

මේ පිළිබඳව කළ විමසීමකදී, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ තමා චමල් රාජපක්ෂ අපේක්ෂත්වයට යෝජනා කරන්නේ තම කණ්ඩායමේ බෙදීම් ඇති කිරීමේ අරමුණෙන් නොවන බවය. අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේ නම යෝජනා වුවහොත්, වඩා සුදුසු අපේක්ෂකයෙකු ඉදිරියට පැමිනෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔහු කීය.

කෙසේ වෙතත් ඒ ගැන වැරදි වැටහීමක් ඇති කර ගත් පිරිසක් යම් යම් අදහස් දක්වා ඇතැයි තමන්ටද දැනගන්නට ලැබුණු බවද ඔහු පැවසීය.

(අනිද්දා)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More