දේශීය පුවත්

මේ දේශපාලන පක්ෂ මේ රටට කරපු විනාශය ඇති, පක්ෂ නායකයෝ මේ රටට කරපු විනාශය ඇති, ඒ නිසා දැන් අපිට පක්ෂ වැඩකුත් නෑ – නායකයෝ වැඩකුත් නෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, පොළොන්නරුව, මැදිරිගිරිය, ඉහළගම ග්‍රාම නිළධාරී වසමේ නිළ සෙවන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානයක මහතා,

” මේ දේශපාලන පක්ෂ මේ රටට කරපු විනාශය ඇති, පක්ෂ නායකයෝ මේ රටට කරපු විනාශය ඇති, ඒ නිසා දැන් අපිට පක්ෂ වැඩකුත් නෑ. නායකයෝ වැඩකුත් නෑ, දැන් අපි ප්‍රතිපත්ත ගරුක විය යුතුයි. දැන් අපි ගමෙන් පණිවිඩය යවන්න ඕන ඉහළට සියලු නායකයෝ, සියලු පක්ෂ අපිට ඕන විදිහට මේ රට ගෙනයන්නේ නැත්නම් අපිට ඒ පක්ෂත් එපා කියන තැනට අපි යා යුතු වෙනවා. පසුගිය මැතිවරණවලදී තමන්ගේ ඥාතිකම නැති කරගත්තා නේද ඡන්ද නිසා, කට්ටියක් බෙදෙන්න ඇති මෛත්‍රීපාල මහත්තයාට, තවත් කට්ටියක් බෙදෙන්න ඇති මහින්ද මහත්තයා. එකම ශ්‍රී ලාංකිකයෝ ටිකත් බෙදුණා. ගමේ ඥාතිකම – හිතවත්කම නැති කර ගත්තා. ඒ මැතිවරණ ඉවර වෙලා දැන් අවුරුදු 04 ක් වෙනවා. තාමත් ඒ තරහා ඇති.මේ වෛරය දැන් ඇති. පක්ෂ වෙනුවෙන් – නායකයෝ වෙනුවෙන් ගම විනාශ කර ගත්ත යුගය අවසන් කරන්න. ගමක් විදිහට ශක්තිමත් වෙන්න. ගම හදන්නේ කවුද? හරි දේ කථා කරන්නේ කවුද ? රට හරි පාරේ ගෙනයන්නේ කවුද ? ඒ හා අත්වැල් බැඳ ගන්න අන්න ඒක තමයි ගමන විය යුත්තේ. හුළඟ හමන පැත්තට යනවා නම් අපිට ඔලුවක් ඕනද? අපි හුළගේ පා වෙලා යන්න සරුංගලේ අපි යවනවා. අපිට සරුංගලේ අපිට ඕන පැත්තට හරවලා යවන්න බෑනේ. ඒ වගේ සුළගට පාවෙන රොඩු ටිකක්. සරුංගල් ටිකක් වෙන්න ඕන නෑ අපි. අපි අපේ රට වෙනුවෙන්. අපේ අනාගත පරපුර වෙනුවෙන්. අපේ ගම වෙනුවෙන්. අපේකම වෙනුවෙන් අපි ශක්තිමත් විය යුතු වෙනවා.” යැයි ඒ මහතා වැඩි දුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More