දේශීය පුවත්

කොළඹ වරාය පවත්වාගෙනයන එකම විසඳුම ලෙස පවතින නැගෙනහිර ජැටිය, ඉන්දියාව සහ ජපානයට පැවරීමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දරන උත්සාහය පරාජය කිරීමට සියලු වෘත්තීය සමිති, වරාය සේවකයන් සහ ජනතාව සංවිධානය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ මේ වනවිටත් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව සඳහා සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි, ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල්, සමස්ත ලංකා සුවසේවා සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම් චන්ද්‍රසිරි මහගමගේ යන වෘත්තීය සමිති නායකයෝද සහභාගි වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා.

“ආණ්ඩුව, රජයේ සම්පතක් වූ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට දරණ ප‍්‍රයත්නය පරාජය කරන්න පෙරට එන්න කියලා වගකිව යුත්තන්ට සහ රටේ ජනතාවට අපි පක්ෂයක් ලෙසත් වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙසත් ආරාධනා කරනවා. මේ ආණ්ඩුව හම්බන්තොට වරාය වික්කා. ඒක වික්කාම කොළඹ වරායට හොඳයි කිව්වා මොකද හම්බන්තොට වරාය නඩත්තු කළේ කොළඹ වරායෙන් නිසා. ආණ්ඩුව ඒ වෙලාවේ කිව්වේ ඒ මුදලින් කොළඹ වරයේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කරනවා කියලා. මේ වෙනකොට දකුණු කොළඹ වරායත් විකුණලා තියෙන්නේ. නැගෙනහිර ජැටිය පමණයි කොළඹ වරායට තිබුණේ. ජය බහලුම් පර්යන්තය තිබුණට එකේ පර්යන්ත කටයුතු සඳහා පහසුකම් ප‍්‍රමාණවත් නැහැ. ඒ නිසා වරාය අධිකාරිය විසින් මෙම නැගෙනහිර ජැටිය සංවර්ධනය කරගෙන ආවා. ඒ අතර තමයි රනිල් වික‍්‍රමසිංහ විසින් මේක ඉන්දියාව, ජපානය සහ වරාය අධිකාරිය එක්ව සමාගමක් බවට පත්කොට විකිණීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න කටයුතු කරමින් ඉන්නේ. මේ ප‍්‍රයත්නය පරාජය කළ යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More