ආණ්ඩුව පසුගිය මැයි මාසේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට විකුණාදැමු බවත් මේ මාසේ පැලවත්ත හා සෙවනගල සීනි කර්මාන්තශාලා ආණ්ඩුවේම ඇමතිවරයෙකුට මිලදීගැනීමට නීති සම්පාදනය කල අතර ජුලී මාසයේදී මහජන බැංකුව විකිනීමට සුදානම් වන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතාවෙසයි.
ඒ අනුව සෑම මාසෙකටම රටේ ආර්ථික වැදගත්කමක් ඇති රාජ්‍ය දේපලක් විකිණීමට ආණ්ඩුව ක්‍රියාකරමින් යන බවත් මේවනවිට මහජන බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතට මුවාවෙමින් එය විකුණාදැමීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද බිමල් රත්නායක මහතා අවදාරනය කරයි.

මෙම ආණ්ඩුවේ ආර්ථික ලිබරල්කරණ ප්‍රතිපත්තියට අනුව ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව විකිණීම සදහා ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවද එහි මුල් පියවර ලෙස එළබෙන ජුලී මාසයේදි මහජන බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බව බිමල් රත්නායක මහතා අවධාරනය කරයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද(23) මේ වනවිටත් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...