ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18වන හා 19වන සංශෝධන අහෝසි කරන්නේ නම් එය රටට වඩාත් යහපත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
18 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රමයේ තිබූ රාජාණ්ඩු හා ඒකාධිපති ස්වරූපය හේතුවෙන් නව ආණ්ඩුවක් පිහිටුවා 19 වන සංශෝධනය ගෙන ආව ද එම සංශෝධනය හරහා එක දේශපාලන නායකත්වයක් යටතේ ගමන් කිරීමට නොහැකිවීමෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ බවත් ඒ තුළ යහපාලන රජයේ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම වෙනුවෙන් අද (23) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ අද රටට අවශ්‍ය ඇත්තේ ජනතා සිතුම් පැතුමි හඳුනන ජන හිතකාමී පාලනයක් බවත් ඒ සඳහා රටට ආදරය කරන සහ අවංක දේශපාලන නායකයින් සිටිය යුතු බවත් ය.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 18 සහ 19 සංශෝධන අවලංගු කළ යුතුයි" – ජනපති
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 18 සහ 19 සංශෝධන අවලංගු කළ යුතුයි" – ජනපතිRead More: https://bit.ly/2KxYYLm#lka #News1st #President #SLL
Gepostet von Newsfirst.lk am Sonntag, 23. Juni 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...