ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන්ට එජාපයේ සංවිධායකකම් ලබාදීමට එරෙහිව එ.ජා.ප. පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරැ පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සිය විරැද්ධත්වය ප්‍රකාශ කර ලිපියක් ලබාදීමට තීරණය කර ඇත.
ඔවුන් එම ලිපිය මගින් පවසන්නේ යම් ආකාරයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ආසන සංවිධායක ධූර ලබා දෙනවා නම් ඔවුන් ශ්‍රීලනිපයෙන් එ.ජා.ප. පැමිණි පසුව ලබාදෙන ලෙසය.
එසේ නොමැතිව ලබාදුනහොත් ඔවුන් ඔවුන්ගේ ක්‍රමවේදයකට ආසනය සකස් කර ඡන්දයක් අවසානයේ නැවත ශ්‍රීලනිපයට එක්වීමේ අවදානමක් පවතින බව දැනුම් දීමට නියමිතව ඇත.
මේ සඳහා දකුණ, බස්නාහිර සහ මධ්‍යම යන පළාත්වල ඇති පළාත් සභා පළාත් පාලන මන්ත්‍රීවරැන් මූලිකත්වය ගෙන කටයුතු කිරීමට නියමිතව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...