වර්තමානයේ රටේ සංවර්ධනය සිදුවන ආකාරය අනුව දුටුගැමුණු රජතුමාට වුවද සංවර්ධනය යනු කුමක්දැයි ඉගන ගතහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (22) මොණරාගල පැවැති ජනහමුවකදී අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වවිය.
“ඔය දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලයේ වගේ නෙමෙයි. දැන් තමයි සංවර්ධනය මොකක්ද කියලා දකින්නේ. හොඳට හැමතැනම කරගෙන යනවා. අපි මාධ්‍යෙයන් සංවර්ධනය කරන්නේ නෑ. ගමට ඇවිල්ලා සංවර්ධනය කරනවා. දැන් තමයි අපිට වේගයෙන් යන්න පුළුවන්. වාහනයේ තව එක්කනෙක් එක්ක යනකොට කියනවා හයියෙන් යන්න එපා. මෙහාට හරවන්න. හරවන්න එපා කියනවා. දැන් ඉතින් තනියම වාහනය අරගෙන යන්න පුළුවන්.
දැන් අපි වැඩ සීඝ්‍ර යෙන් අවසන් කරන්න ඉන්නේ. දැන් කවුරුවත් නෑ. නැත්නම් හරි අමාරුයි දෙන්නෙක් එක්ක වාහනයේ අරන් යන්න. හැම එක්කෙනාම දන්නවනේ.
අපට එදා බැන්නා දුටුගැමුණෝ රජ්ජුරුවෝ වගේ. දැන් දුටුගැමුණු රජ්ජුරුවන්ට අපෙන් ඉගෙන ගන්න පුළුවන් කොහොමද ගම්මාන, ප්‍රදේශ දියුණු කරන්නේ කියලා.”
ගම්මාන දියුණු කරන හැටි දුටුගැමුණු රජුට අපෙන් ඉගෙන ගන්න පුළුවන්
ගම්මාන දියුණු කරන හැටි දුටුගැමුණු රජුට අපෙන් ඉගෙන ගන්න පුළුවන් – අගමැති මොණරාගලදී කියයි
Gepostet von Neth FM am Samstag, 22. Juni 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
“….දැන් අපි වැඩ සීඝ්‍ර යෙන් අවසන් කරන්න ඉන්නේ. දැන් කවුරුවත් නෑ….”
දැන් “දෙන්නෙක්” නැත්තේ තේරීම් කාරක සහ්බවට ගෙන්වනවා කියල තර්ජනය කරලද?
කොහොම නමුත් මේ “සීඝ්‍ර යෙන් අවසන් කරන්න ඉන්න ” වැඩ ගැන රටේ මිනිස්සු හොදින් ඇස කන් යොමු කරලා හිටියොත් හොදයි වගේ.
ඒ එක්කම අර මෙයාල (එහෙම නැත්නම් මෙයාලගේ පිටරට යාලුවෝ) වෙනස් කරපු ව්‍යවස්ථාව ආයෙත් හොදට කියවල බැලුවොත් නරකද? සිංහල ඉංග්‍රීසි දෙකම අකුරෙන් අකුර කියවලා බලන්න වෙනවා මැතිවරණයකට කලින් – මොනවා අස්සේ ගහලද දන්නෑනෙ.
19 වගන්තිය විතරක් නෙමේ, නීතිය ගැන විශාරදයෝ කිහිප දෙනෙකුන්ම ලවා සම්පුර්ණයෙන්ම කියවන්න ඕන මුල ඉදල අගටම.