දේශීය පුවත්

පක්ෂ විරෝධී ක්‍රියාවන් සහ දූෂණ වංචා චෝදනා මත ද්‍රවිඩ එක්සත් පෙරමුණ නියෝජනය කරන කල්මුණේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ සහ මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

ද්‍රවිඩ එක්සත් පෙරමුණ නියෝජනය කරන කල්මුණේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කාත්තමුත්තු ගනේෂන් සහ සුමිත්‍රා ජෙගදීෂ්වරන් යන අයගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අහෝසි කළ බව ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.ආනන්ද සංගරි මහතා පැවසීය‍.

මොවුන් දෙදෙනා කලක සිට පක්ෂයේ ප්‍රතිපත්තිවලට කොන්දේසිවලට පටහැනිව කටයුතු කරමින් සිට ඇති බවත් කල්මුණේ නියෝජ්‍ය නගරාධිපතිවරයා සිය බලතල අනිසි ලෙස හසුරුවමින් වංචා දූෂණ පවා සිදුකර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් මේ හේතුව මත මොවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බවත් හෙතෙම කීය.

කල්මුණේ නගර සභාව නියෝජනය කරන මෙම දෙපළගේ මහ නගර සභා මන්ත්‍රීධූරය ඉවත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ද ඉදිරි දින කිහිපය තුළ ගන්නා බවද කී සංගරි මහතා පාක්ෂිකයින්ට හෝ පක්ෂයට මොවුන් දෙදෙනා සමගින් මින් ඉදිරියට කිසිදු සම්බන්ධයක් නැති බවද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More