‘ව්‍යවස්ථාව වෙනස් කර රට කෑලිවලට කැඩීමට ආණ්ඩුව සැරසෙනවා. භූමියේ අයිතිය පිළිබඳව අපට ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව ගිවිසුමක් අත්සන් කරන්න යනවා ත්‍රිකුණාමළයේ සිට කොළඹ දක්වා ආර්ථීක කොරිඩෝවක් හදන්න. ලංකාවේ ඉඩම් බැංකුවකට ගෙන ඕනෑම කෙනෙකුට දීමට අයිතිය ආණ්ඩුව ගන්න හදනවා’ දින 51 කට අපි ආණ්ඩුව ලබාගත් නිසා මෙම ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි වූ බවත් දැන් ඒ සඳහා යළි සැරෙසෙනවා යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
මහින්ද රාජපක්‍ෂ මහතා ඒ බව පැවසුවේ සණස ව්‍යාපාරයේ දිස්ත්‍රික් නියෝජිත හමුව අමතමිනි. මෙම හමුව කෑගල්ල සණස ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.
‘අපි දින 51 ආණ්ඩුව තුළත් මේ රටේ ජනතාවට පොහොර සහනාධාරය ලබාදීමට යළි කටයුතු කළා. ඒ වගේම මිල සූත්‍රයට අනුව හැමදාම ඉහල ගිය තෙල් මිල අඩුකළා. තවත් සහන රාශියක් ලබාදීමට කටයුතු කරගෙන යනවිට අපට උසාවියෙන් තහනම් නියෝග ලැබුණේ.
අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා ඊයෙට මාස 02යි. රටේ කඩාවැටෙමින් තිබූ ආර්ථීකය මෙම ප්‍රහාරයත් සමඟ බිමටම සමතලා වුණා. ඒ සිදුවීමෙන් සියලු ජාතීන් බියට පත්වුණා. ජීවිත විශාල ප්‍රමාණයක් රටට අහිමි වුණා. ජීවත් වීමේ මානව අයිතිය අපෙන් උදුරා ගත්තා. ආගම ඇදහීමට තිබෙන අයිතිය අපෙන් උදුරා ගත්තා. කතෝලික පල්ලියේ යාඥාකරමින් සිටි පිරිසගේ ජීවිත උදුරාගත්තා. අද පන්සලට පල්ලියට යන්න බයයි.
මෙම සිදුවීමත් සමඟ ලංකාවේ තිබුණ ව්‍යාපාර කඩා වැටිලා. ඔවුන්ගේ දේපල බැංකුවලට අයිතිකරගන්න යනවා. අපි රජයට කිව්වා මෙම ව්‍යාපාරිකයන්ට සහන ලබාදෙන්න කියලා. අද පාරේ යනකොට තිබෙනවා විශාල ව්‍යාපාර, බිල්ඩින් විකිණීමට හෝ දීර්ඝකාලීනව බදුදීමට තිබේ කියලා.
අද උතුරු නැගෙනහිර වෙනත් ජාතියකට පදිංචිය වීමට ඉඩ නැතත් කොළඹ නගරයේ ඕනෑම ජාතිකයෙකුට ජීවත් වීමේ හැකියාව තිබෙනවා.
මෙම බෝම්බ ප්‍රහාරයත් සමඟ සෑම ජාතියකටම එකම නීතියක් අවශ්‍ය බවට කතිකාවක් ඇතිවෙලා. මෙම පොලොවේ ඕනෑම ප්‍රදේශයක සෑම ජාතියකටම ජීවත්වීමේ අයිතිය තිබිය යුතුයි’
රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...