පුරවැසි කොලම

අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික දඹුල්ල රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල ස්ථවිරයෝ……
සමන්ති වීරසේකර

රටේ ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීමෙන් අනතුරුව ආගමික නායකයකු වශයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ මේ රට ගිනිගෙන දැවෙන්නට නොදී මහජනතාවට ප‍්‍රකාශ කොට සිටියේ සාමය පතුරුවාලන ලෙසය. ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මල්වතු ඇතුළු ත්‍රෛනිකායික මහානායක ස්වාමින්වහන්සේ සහ සංඝරත්නය උත්සාහ කළේද, කිසිවෙකුට හෝ ගල් කැටයකින් වත් හිංසාවක් පීඩාවක් නොවන පරිදි සාමය ආරක්ෂා කර ගැනීමටය. එවන් පරිසරයක් ගොඩ නගා රට තුළ සාමය සහජීවනය වැපිරීමට ආගමික නායකයන් උත්සාහ ගත්තද, අන්තවාදීන්ගේ ම්ලේච්ඡු ක‍්‍රියා මුලිනුපුටා දැමීමට පවතින රාජ්‍ය නායකයන් හෝ සෙසු දේශපාලකයන් සැබෑ උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නට නොවීය.

දින සති මාස ගෙවී ගියද තුවාලයට නිසි ප‍්‍රතිකාරයක් නොකොට මතුපිටින් පැලැස්තරයක් අලවා, මහජනයා රවටමින් ක‍්‍රියා කරන මේ රට නායකයන් දෙස විමසිල්ලෙන් බලා සිටි ආගමික නායකයන් අද සැබෑ ජාත්‍යාලයෙන් රට දැය වෙනුවෙන් පෙරට පැමිණ සිටිති.

ඊට හොඳම සාක්ෂිය ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඥාණරතන හිමියෝ ඉකුත් සෙනසුරාදා හෙවත්, ජුනි 15 දා යටිනුවර දියකෙළිනාව කිත්සිරිමෙවන් රජමහා විහාරයේ විසිඑක් රියන් සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදි රටත් ජාතියත් වෙනුවෙන් සිය හඬ අවදි කිරීමය.

උන්වහන්සේ එහිදී රට දය සමය වෙනුවෙන් සහ ශ‍්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් හදවතේ උපන් සැබෑ ස්නේහයෙන් ගැහෙන කැකෑරෙන වේදනාවෙන් අනුශාසනා කළහ.

රටට දැයට ආදරය නොකරන එක්සත් ජාතික පක්ෂයේ වත්මන් පාලකයන් නිසා මේ රට විනාශයෙන් විනාශයට පත්ව ඇතැයි කී මහා නායක ස්වාමින් වහන්සේ, මෙතුවක් කල් අප නිහඬව සිටියා නොව, අප හමුවට පැමිණි සෑම නායකයකුටම මේ කාරණය පිළිබඳව දැනුම් දුන්නද කිසිවෙකුත් ඊට නිසි ප‍්‍රතිචාර නොදැක්වූ බවද රට දැය සමය රැකගනු පිණිස නිසි පියවර නොගත් බවද ප‍්‍රකාශ කර සිටියහ. රටත් සිංහල ජාතියත් බෞද්ධාගත් ආරක්ෂා කර ගැනීම පිණිස කොන්ද කෙළින් තබාගෙන නොබියව ඉදිරියට පැමිණිය යුතු බවද මහානායක ස්වාමින් වහන්සේ පැවසූහ. රටේ අනාගතය බෙහෙවින්ම භයානක අවදානම් තත්ත්වයක පවතින්නේ, ගාමිණි දිසානායක මහතාගේ යුගයෙන් පසුව රටේ ආරක්ෂාවත් අවසන් වූ බවයි අපගේ හැඟීම. ඉන් මෙහා පත්වූ කිසිදු එජාප පාලකයෙක් මේ රටට ජනතාවට ආදරය කළේ නැහැ. යැයිද කී මහානායක හිමියෝ මම කාටවත් බය නැහැ මම මේ කියන්නේ ඇත්ත. අපි මේ තාක් කල් මේ රට ගමන් කරන දිශාව දැක්කා. ඒවා වෙනස් කරන්න උත්සාහ කළා. නමුත් මේ රට ගොඩගන්න මේ රටේ නායකයෝ ඉඩ දෙන්නේ නැහැ. ජනතාවට වස විස දෙන බවට ඉතා පැහැදිලිව දක්නා ලැබෙන මේ අන්තවාදීන්ට සහාය දෙන උදවියගෙන් ප‍්‍රවේසම් වෙන්න කියා මම මගේ ජනතාවට කියනවා. අපේ සිංහල බෞද්ධ ජන කොටස් විනාශ කරන්න රහසිගතව යෙදූ උපක‍්‍රම පිළිබඳව අප දැනුවත්ව සිටිය යුතුයි. අපේ දූ දරුවෝ රැකගන්න අපි පෙරට එන්න අවශ්‍යයි. උපන් නූපන් දරුවන් වනසමින් මොවුහු කරන අපරාධ වළක්වන්න අපි කොන්ද කෙළින් තබා ලැහැස්ති විය යුතුයි යැයි මහානායක හිමියෝ ප‍්‍රකාශ කළහ.

මෙම ප‍්‍රකාශ ඔස්සේ ගම්‍ය වන්නේ සෙසු ආගම්, ජාතීන් පහත් කොට සැලකිය යුතු බව නොවේය. සමස්ත ශ‍්‍රී ලාංකිකයන් එක්ව නැගී සිට අන්තවාදීන් පරාජය කළ යුතු බවය. රටේ ජනාධිපති අගමැති හෝ සෙසු නායකයන් එක්ව අන්තවාදීන්ට උඩගෙඩි දී පෝෂණය කරන බවක් පෙනෙන්නට දකින්නට සැකකරන්නට ඉඩ තබා ඇත්නම්, රටේ ජනතාව ඒකරාශි වන්නේ ආගමික නායකයන් සමගය. ආගමික නායකයන් වටා රොද බැඳ ගනිමින් කොතැනකින් හෝ මේ ගැටලූව නිරාකරණය කරන්නට උත්සාහ ගන්නේය.

පාස්කු ඉරිදා ම්ලේච්ඡු ප‍්‍රහාරයෙන් පසුව, ත්‍රෛනිකායික සංඝරත්නය අවස්ථා හතරකදී රැස්ව සාකච්ඡුා කළේ කුමක්ද ජනතාවට දිය යුතු පණිවුඩය කියාය. මෙවන් අවස්ථාවක රටක් පැවතිය යුතු සාමකාමි වාතාවරණය තුළ, අවධානය යොමුකළ කරුණ වූයේ ත‍්‍රස්තවාදී උපායයන් බිඳ දැමීමය. සිංහල ජාතිය විනාශ කිරීම සඳහාත් සමූල ඝාතනය කිරීම සඳහාත්, දැඩි සැලසුමක් තිබූ බවට තොරතුරු හෙළිවෙමින් තිබිණි.

එවන් තොරතුරු මත කුමන තරාතිරමක වුවද සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා නීතිය හමුවට පමුණුවා නිසි දඬුවම් ලබා දෙන බවට රජය ජනතාව හමුවේ ප‍්‍රකාශ කොට තිබුණද ඒ කිසිවක් ඒ අයුරින් සිදු නොවිණි. සියල්ල සිදු වූයේ ජන නායකයන්ගේ උපක‍්‍රම ක‍්‍රියාත්මක කිරීම ඔස්සේ පමණි. උදාහරණ ලෙස, විශ්වාසභංගය හමුවේ මුහුණ දිය යුතු බදියුදීන් ආරක්ෂා කරගැනීමේ රනිල් වික‍්‍රමසිංහ උපාය මාර්ගයක් ලෙස කමිටුවක් පත්කරනු ලැබිණි. අදටත් මෙම කමිටුව සාධාරණ නොවන බවට සමස්ත ජනතාවට දක්නා ලැබෙන්නේය.

ශ‍්‍රී ලාංකිකයන් ලෙස එහි මහජාතිය සිංහලයන් ලෙසත් සෙසු හින්දු සහ මුස්ලිම් දමිළ ජනතාව පාරම්පරිකව එහි වෙසෙන බවටත් කරුණු ඕනෑතරම් ඇත්තේය. ඒ වග ඉතිහාසය දෙස දකිමින් මහා සංඝරත්නය කිහිපවිටක්ම උත්සාහ ගනු ලැබුයේ මෙම ගැටලූව නිරාකරණය කිරීමටය. චෝදනා ඇති මුස්ලිම් ඇමැතිවරු සහ ආණ්ඩුකාරවරු සමග සෙසු මැති ඇමැතිවරු භාර දුන් අවස්ථාවේදිත් මහා සංඝරත්නය එදෙස සානුකම්පිකව බලා විමසා ඔවුහු කැඳවූයේ නොහොඳ නෝක්කාඩු දිගින් දිගට යෑම බෞද්ධ රටකට උචිත නොවන නිසාය. නමුත්, මුස්ලිම් මැති ඇමැතිවරු පැමිණ, එක් එක්කෙනාට හෝ එකඟතාවක් නොමැති ලෙස අදහස් කරුණු දක්වා ඇඟ බේරාගෙන ගිය සෙයක් දක්නා ලැබිණි.

මේ පසුපස ඇත්තේ රටේ නායකයන් බව දැන් පැහැදිලිය. රටේ ජනතාවට බොරු සිනහවක් පෙන්වා යටින් ගින්දර ගෙනයන ක‍්‍රමවේදයක් රජය සිදුකරමින් සිටින බැවින් දැන් දැන් සියලූ ආගම් නායකයන් එක්ව ජනතාව බේරා ගැනීමේ සටන දියත් කළ යුතුව ඇත.

ත්‍රෛනිකායික සංඝරත්නය දිගින් දිගටම සාකච්ඡුා කළේ සිංහල ජාතිය හින්දු සහ සෙසු ජාතින් රැක ගැනීම සඳහා කළයුත්තේ කුමක්ද යන කාරණයේදි මුස්ලිම් අන්තවාදීන් හෙවත් වහබ්වාදයට අනුබල දෙනන්න් ප‍්‍රතික්ෂේප කළයුතු බව මහානායක ස්වාමින් වහන්සේ පවා ප‍්‍රකාශ කළේ ඒවබැවිනි.

දැන් දැන් ජනතාවගේත් ආගමික නායකයන්ගේත් රජය පිළිබඳව විශ්වාසය කැඞී බිඳී ගොස් ඇත. සිංහල ජනතාව වෙනුවෙන් කෑ ගසන සංඝයා වහන්සේ නමක් පසුපස මාස ගණනාවක් හඹා යන රටාවක් මේ රටේ පැවැති බව අපට මතකය. අස්ගිරි අනුනායක වේඬරුවේ උපාලි හිමියෝ එවකට දානමය පිංකම් අවස්ථාවකට සහභාගිව අනුශාසනා කරන විට ” මේ රටට දැන් අවශ්‍ය වන්නේ හිට්ලර් පාලනයක් යැයි” කී ප‍්‍රකාශය පසුපස නිති පන්නමින් වෙනම දිශාවකට ගමන් ගන්නා සෙයක් දක්නා ලැබිණි. නමුත් මුස්ලිම් පල්ලිවල කඩු කිණිසි හමුවූ අවස්ථාවේ සමස්ත ජනතාව නිහඬව සිටීම ආදර්ශයට ගත යුතුය.

දේශපාලන නායකයන්ගේ ක‍්‍රියාකාරකම් සියල්ල මුසාවක් වීම මත, සැබෑ ජාත්‍යාලයෙන් කටයුතු කරන ආගමික නායකයන් ජනතාව හමුවේ සත්‍ය ප‍්‍රකාශ කරන බව අප දැන් අවබෝධ කර ගත යුතුව ඇත. මන්ද මධ්‍යස්ථ මුස්ලිම් මතවාදීන් ලංකාව තුළ සිටින බවට තිබූ විශ්වාසය බිඳ දැමුයේද මුස්ලිම් ජනතාව විසින්මය.

සිංහල ජාතිය සමූල ඝාතනය කිරීම සඳහා, සිදුකර තිබූ බවට සනාථ වූ කරුණු ඔස්සේ අදාළ පරීක්ෂණ අපක්ෂපාතීව සිදු නොවන බව මේ ජනතාව අත්විඳිනු ඇත. මේ ඇතුළු සමස්ත සිංහල ජනතාවට සිදුවන අසාධාරණය හමුවේ නැගී සිටින්නයි සංඝරත්නයට මහජනතාව ආරාධනා කිරීම ඔස්සේ මහානායක හිමියෝ තමන්ගේ සැබෑ ජාතික හැඟීම ප‍්‍රකාශ වූ බව අපගේ විශ්වාසයයි. රජය මෙම ගැටලූවට දැන් නිසි විසඳුම් ලබාදී මෙම ප‍්‍රශ්නය නිරාකරණය කිරීමට කාලය හොඳහැටි ප‍්‍රමාණවත් බවද කිව යුතුය. රජය නිසි පියවර නොගන්නේ නම් මහජනතාව එකට එක්කාසු වී මේවාට නිසි විසඳුම් සොයනු ඇතැයිද එහි වරදක් නැති බවද අපි පිළිගත යුතුය.



One thought on “අස්ගිරි මහා නාහිමියෝ එසේ කීවේ ඇයි…?”

  1. මේ නායක හාමුදුරුවන්ට අර ඇමරිකානු MCC ගිවිසුම කියන රට වලලා දමන ව්‍යසනය පේන්නේ නැද්ද? ඒකට මුකුත් කරන්නෙම නැද්ද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More