පුරවැසි කොලම

ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය ශී‍්‍ර ලංකාවේ 2019 ජනපතිවරණය ජයග‍්‍රහණය කරන පුද්ගලයාගෙන් තමන් බලාපොරොත්තු වන්නේ පවතින රජය සහ ඇමරිකාව අතර ඇති කරගත් ඇති කරගනු ලබන ඕනෑම ගිවිසුමක් අවබෝධතාවක් එලෙසින්ම පවත්වාගෙන යෑම බව මෑතකදී පැවසීය.

පෞද්ගලික සහ රාජ්‍ය මාධ්‍ය හරහා මෙම පණිවිඩය ඇමරිකාව අප රටේ දේශපාලන පක්‍ෂවලට ලබා දුන්නේය. තෝරාගත් මාධ්‍යවේදීන් කිහිපදෙනකුට තම රටේ අවශ්‍යතා දැනුම් දුන්නේ ලබන මස තම සේවය නිමවා ශී‍්‍ර ලංකාවෙන් පිටවීමට නියමිත ඉහළ පෙළේ ඇමරිකානු විදේශ සේවයේ නිලධාරියෙකි. සති දෙකකට පමණ පෙර කළ ඇමරිකානු ප‍්‍රකාශයට මෙම ලිපිය ලියන අවස්ථාව වනවිටත් (ජුනි 18 දා) කිසිදු දේශපාලන පක්‍ෂයක් ප‍්‍රතිචාර දක්වා තිබුණේ නැත. මෙම ප‍්‍රකාශය පිළිබඳව තම ස්ථාවරය ඉදිරිපත් කිරීමට දේශපාලන පක්‍ෂ වැලිවිට පුදුමයක් නොවේ. ඇමරිකාව 2019 ජනපතිවරණයට බලපෑම් කරන බව රහසක් නොවේ. නමුත් ලෝක බලවතා ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන කි‍්‍රයාමාර්ගය පිළිබඳව අප රට පාලකයන්ට හෝ විපක්‍ෂයට වැටහීමක් නොමැති බව පෙනේ.

ඇත්ත වශයෙන්ම 2019 ජනපතිවරණයෙන් ජයගනු ලබන පුද්ගලයාගෙන් තමන් බලාපොරොත්තු වන්නේ ඇමරිකානු ගැති/ ඇමරිකාව සමග එකට කටයුතු කරන ප‍්‍රතිපත්තියක් බව මුල්වරට ඇමරිකාව අප රට දේශපාලන පක්‍ෂවලට ප‍්‍රසිද්ධියේ දැනුම් දී ඇත.

ඇමරිකානු සාධනය ශී‍්‍ර ලංකාවට කළමනාකරණය කර ගැනීමට හැකි සාධකයක් නොවේ.

මාධ්‍ය හරහා දුන් එම ඇමරිකානු පණිවිඩය ඇත්ත වශයෙන්ම බලවත් තර්ජනයකි.

රජය, රජය නියෝජනය කරන අනෙකුත් පක්‍ෂ සහ විපක්‍ෂය විදේශීය මැදිහත්වීම් සම්බන්ධයෙන් කිසිදු අවබෝධයකින් කටයුතු කරන බවක් නොපෙනේ.

ඇමරිකානු තර්ජනයත් සමග 2019 ජනපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන කණ්ඩායම් දෙක පිළිබඳව විමසා බැලිය යුතුය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රබලයකු වන මාතර දිස්ති‍්‍රක්ක පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා ජුනි 17 දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ තව දින 154 කින් ශී‍්‍ර ලංකාවට නව ජනපතිවරයකු ලැබෙන බවය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට කිසිදු ආකාරයකින් ජනපතිවරණය කල් දැමීමට හැකියාවක් නොමැති බව අවධාරණය කළ මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ දින 154 කින් ජනපතිවරණ ජයග‍්‍රාහකයා දැනගත හැකි බවයි.

නමුත් අප රට මුහුණ දෙන අභියෝගය කවර පුද්ගලයා ජනපති කිරුළ කුමන අපේක්‍ෂකයාටද යන ප‍්‍රශ්නය නොවේ. කුමන පාර්ශ්වය ජයග‍්‍රහණය කළත් ලබාගැනීමට සමත් වුවත් ඇමරිකාව බලාපොරොත්තු වන ආකාරයට ඇමරිකානු කඳවුර සමග ශී‍්‍ර ලංකාවට සදාකාලික බැඳීමක් ඇති කර ගත හැකිද?

19 වැනි සංශෝධනය යටතේ ජනාධිපති ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ කාලය වසර 5 කට සීමා කර ඇත. නිශ්චිත කාලයකට බලයට පැමිණෙන පක්‍ෂයට විදේශීය රාජ්‍ය සමග සදාකාලික හමුදාමය – ආර්ථික දේශපාලන බැඳීම් ඇති කර ගත හැකිද? එවැනි ගිවිසුම්වලට එළැඹෙනවා නම් රජය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූම පක්‍ෂ යම් පාර්ලිමේන්තු ක‍්‍රමවේදයක් මත පිහිටා කි‍්‍රයා කළ යුතු නොවේද?

රටට බලපාන තීරණාත්මක ගිවිසුම්වලට එළැඹීමට පෙර නිශ්චිත පාර්ලිමේන්තු කි‍්‍රයා මාර්ගයකට එම කි‍්‍රයාවලිය ලක්විය යුතු නොවේද? ඇමරිකාව මාධ්‍ය හරහා ශී‍්‍ර ලංකාවට කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ගැඹුරින් විමසා බැලිය යුත්තේ පවතින රජය විදේශීය රාජ්‍යයක් සමග ඇති කර ගනු ලබන ගිවිසුම් පාර්ලිමේන්තු කි‍්‍රයාවලියට යටත් වන ආකාරයද සැලකිල්ලට ගනිමිනි.

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව තම කි‍්‍රයාවලිය වේගවත් කර ඇත. එලෙසම ඇමරිකාවේ මිත‍්‍ර රාජ්‍යයන් සහ සංවිධාන ද ශී‍්‍ර ලංකාවට නොයෙකුත් ආකාරයෙන් බලපෑම් කරමින් පවතී. පාස්කු ඉරිදා ප‍්‍රහාරය එම පාර්ශ්වය සිදු කරමින් පවතින මහා මෙහෙයුමට රුකුලක් වී ඇති බව මෙම ලියුම්කරුගේ අදහසයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කොළඹට පැමිණීම අතිශයින් වැදගත් කාරණයකි. මෑතකදී ඇමරිකානු තානාපති නිලධාරියා මාධ්‍ය හරහා රජයට සහ විපක්‍ෂයට කළ දැනුම් දීම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ නිල පැමිණීම සමග තහවුරු වේ.

2018 අගෝස්තු මස අත්සන් කරන ලද හමුදාමය ගිවිසුම සහ දැනට සාකච්ඡා මට්ටමේ තිබෙන ප‍්‍රබල ආරක්‍ෂක කටයුතු සම්බන්ධ ගිවිසුමක් 2019 ජනපතිවරණයට පෙර කි‍්‍රයාත්මක කිරීම ඇමරිකාවේ අභිලාෂයයි. ඇමරිකාවේ අභිලාෂය පැහැදිලිය. ශී‍්‍ර ලංකාව නොදැනීම ඇමරිකාන, ජපාන, ඉන්දියන් හමුදා හවුලේ සාමාජිකත්වය ලබා ඇත. 2015 ජනපතිවරණයෙන් පසුව ඇමරිකාව ශී‍්‍ර ලංකාව ප‍්‍රබල වෙනසකට භාජනය කරමින් පවතී.

2015 මහින්ද රාජපක්‍ෂ රජය පරාජය කිරීමට ඇමරිකාව දේශපාලන කි‍්‍රයාවලියක යෙදුණ බව රහසක් නොවේ. 19 සංශෝධනය හරහා ස්ථාපිත කළ මැතිවරණ කොමිසම මෙම විදේශීය මැදිහත් වීම් සම්බන්ධයෙන් මුනිවත රකී. 2015 ජනවාරි මස ආණ්ඩු පෙරළියත් සමගම එවකට විදේශ ඇමැති මංගල සමරවීර වොෂින්ටනය බලා පිටත් විය. එම සංචාරයේදී ඇමරිකාව සහ ශී‍්‍ර ලංකාව සහයෝගයෙන් කි‍්‍රයාකිරීම පිළිබඳව අවබෝධතාවක් ඇති කර ගත්තේය. එම අවබෝධතාව 2015 පෙබරවාරි මස ඇති කර ගත් බව මතක තබා ගන්න.

2015 මැයි මුල් සතියේදී එවකට සිටි රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශී‍්‍ර ලංකාවේ සංචාරයක යෙදුණි. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයකුගේ පැමිණීම සිදු වූයේ වසර 43 කට පසුවය. ජෝන් කෙරීගේ 2015 මැයි සංචාරයට වසර 4 කට පසු වර්තමාන රාජ්‍ය ලේකම් පොම්පියෝ මේ සතියේ කොළඹට පැමිණෙයි. ජුනි 24 -30 අතර දක්වා කාලය තුළ සිදු කරනු ලබන සංචාරයට නව දිල්ලිය, ජපානයේ ඔසාකා සහ කොළඹ ඇතුළු වේ. ඇමරිකාව ශී‍්‍ර ලංකාව ගනු ලබන කි‍්‍රයාමාර්ග මොදි රජය සමග එකඟතාවකින් ගන්නා බව පැහැදිලිය. ජපානයේ කි‍්‍රයාකාරිත්වයද එසේමය.

මෑතකදී කොළඹ පැය හතරක සංචාරයකට පැමිණි ඉන්දියානු නායකයා ඇමරිකානු ජනාධිපති ට‍්‍රම්ප්ව ඔසාකාහිදී හමුවෙනු ඇත. ඇමරිකාව සමග මෑතකදී ඣඵක්‍්ී් ගිවිසුමට ඇතුළු වූ ඉන්දියාව ඊෑක්‍් ගිවිසුමට එළැඹීමට සාකච්ඡා කරමින් සිටී. මෙම ගිවිසුම් දෙකම ඇමරිකාව සහ ඉන්දියාව අතර යුදමය ආරක්‍ෂක – දේශපාලන සහ සියලූම අංශවලට පැතිරෙන සහයෝගිතාව තහවුරු කරනු ඇත.

එවැනි තත්ත්වය තුළ 2019 ශ‍්‍රී ලංකාවේ ජනපතිවරණය ඇමරිකානු මෙහෙයුමේ කොටසක් වී හමාරය. ශ‍්‍රී ලංකාවේ නායකත්වය මෙලෙස කි‍්‍රයාකළ යුතුද? එම නායකත්වයෙන් ඇමරිකාව බලාපොරොත්තුවන්නේ මොනවාදැයි පැහැදිලිය.

පොම්පියෝ ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටින බව ඔහු අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑතකදී පැවසුව බව මාධ්‍ය වාර්තා කළේය. එලෙස කැමැත්ත ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කනගාටුව පළකිරීමට පොම්පියෝ එජාප නායකයාට දුරකථන ඇමතුමක් දුන් අවස්ථාවේදී බව මාධ්‍ය වාර්තා කරයි.

ශ‍්‍රී ලංකාව බරපතළ උගුලකට හසුවී ඇති බව පැහැදිලිය.

බටහිර බලවත්තු මාධ්‍ය රිසි ලෙස යොදා ගනිති. එලෙසම ශ‍්‍රී ලංකාවේ මාධ්‍යයට දොස් නගති. යුරෝපා සංගමය මෑතකදී අගමැති වික‍්‍රමසිංහ හමුවී පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. ප‍්‍රංශ, ඉතාලි, නෙදර්ලන්ත, රුමෙනියාව, ස්විස්ටර්ලන්තය, නෝර්වේ සහ එක්සත් රාජධානියේ එකඟතාවයෙන් නිකුත් කළ නිවේදනයේ මෙලෙස සඳහන් විය. සාමය සහ සංහිඳියාව අනතුරේ හෙලමින් ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව ඉලක්ක කර ගනිමින් කි‍්‍රයාත්මක වන දේශපාලනික සහ ආගමික බලපෑම් පිළිබඳව අපගේ දැඩි අවධානය යොමුවී ඇත. මාධ්‍ය මගින් නොකඩවා කරනු ලබන අගතිගාමී සහ සත්‍යතාව තහවුරු කර නොගත් තොරතුරු මගින් සිදුවන්නේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වීම පමණි.

ජුනි මස 12 දින නිකුත් කළ මෙම ප‍්‍රකාශය සිංහල, දෙමළ සහ ඉංග‍්‍රිසි භාෂාවෙන් නිකුත් කර තිබිණිි. යුරෝපා සංගමය නිකුත් කළ ප‍්‍රකාශයේ සහ එක්සත් රාජධානියේ පිහිටුවා ඇති ගෝලීය ද්‍රවිඩ සංසදය පවතින තත්ත්වය පිළිබඳව නිකුත් කර තිබෙන නිවේදනය බොහෝදුරට සමානය. ජාතික තව්හිද් ජමාත් සංවිධානය අපේ‍්‍රල් 21 දින කළ මහා අපරාධය බටහිර බලවතුන්හට ද්‍රවිඩ ජාතික සන්ධානයට සහ රාජ්‍ය නොවන සංවිධාන/සිවිල් සමාජ කි‍්‍රයාකාරීන්ට අමතක වී ඇත. ඇත්ත වශයෙන්ම යුරෝපා සංගමය ලැජ්ජා විය යුතුය. යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයට දායක වූ සියලූ බටහිර රටවල් උත්සහ කරන්නේ පාස්කු ප‍්‍රහාරය දඩමීමා කරගෙන ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු ව්‍යාප්තියට අවශ්‍ය ලෙස කි‍්‍රයා කිරීමයි.

යුරෝපා සංගමය සහ එම සංවිධානයේ ‘මිත‍්‍රයින්. තහවුරු කර නොගත් තොරතුරු මත මුස්ලිම් ප‍්‍රජාවට මාධ්‍ය මගින් චෝදනා කිරීම හෙලා දැක ඇත. යුරෝපීය සංගමයට හරි හෝ වැරදි පදනම මත පිහිටා ප‍්‍රකාශ කිරීමේ අයිතියක් ඇත. එහි වගකීම යුරෝපීය සංගමය සතුය. නමුත් යුරෝපීය සංගමයට යමක් මතක් කර දිය යුතුව ඇත.

තහවුරු කර නොගත් තොරතුරු මත ශ‍්‍රී ලංකාව ජිනීවාහිදී යුද අපරාධකරුවකු ලෙස හංවඩු ගැසීමට යුරෝපීය සංගමය ප‍්‍රබල කාර්යභාරයක් කළේය. 2015 ඔක්තෝබර් 01 දින ශ‍්‍රී ලංකාවද තම කැමැත්ත ලබාදුන් එම කුප‍්‍රකට ජිනීවා ගිවිසුම කි‍්‍රයාත්මක කිරීමට යුරෝපා සංගමය අදටත් කටයුතු කරමින් සිටිනා බව පැහැදිලිය. රටේ අවාසනාවට ප‍්‍රබල විපක්‍ෂයක කාර්යභාරය කිරීමේ වගකීම තිබෙන ඒකාබද්ධ විපක්‍ෂය කරුණු කාරණා තේරුම් ගෙන කටයුතු කරන බවක් නොපෙනේ. දිනපතා පුවත්පත් සාකච්ඡා පැවැත්වුවත් රට මුහුණ දෙන ප‍්‍රධාන ප‍්‍රශ්න දෙස නිසියාකාරව අවධානය යොමු කරන්නේ නැත. වාර්තාකරණයේද විශාල ප‍්‍රශ්නයක් ඇත. මාධ්‍ය හමුවේ හෙළිවෙන තොරතුරුද නිසියාකාරව වාර්තා නොවන තත්ත්වයක් ඇත. වාර්තා කළත් තම පක්‍ෂවලට එම තත්ත්වයන් අදාළ නොවන ලෙස පක්‍ෂ නායකයින්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු කි‍්‍රයා කරති.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම පැටවී තිබෙන කාත්තන්කුඩියේ සහරාන් හෂීම් ‘ඉස්ලාම් රාජ්‍ය. ත‍්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකමක් ඇතිකර ගත්තාද? ‘ඉස්ලාම් රාජ්‍ය. ත‍්‍රස්තවාදී සංවිධානය සහරාන් හෂීම් සමග සම්බන්ධකමක් ගොඩනඟා ගත්තාද? ඉහත සඳහන් කළ කරුණු දෙකෙන්් කුමන කරුණ නිවැරදි වුවත්, එම සම්බන්ධතාව ඇතිකර ගත්තේ ඉන්දියාවෙදිද?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ විරෝධය නොතකා දැනට කි‍්‍රයාත්මක වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉහත සඳහන් ප‍්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට උත්සාහ කළ යුතුය. රාජ්‍ය බුද්ධි සේවය සහ රහස් පොලිසියද එම උත්සාහය කළ යුතුය.

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාගෙන් සවුදි අරාබි ජාතිකයන් තුන්දෙනකු පාස්කු ප‍්‍රහාරයට පසුදා මුණ ගැසීම පිළිබඳව තේරීම් කාරක සභාව කිසිදු විමසීමක් කළේ නැත.

ඇත්ත වශයෙන්ම මෙම අතපසුවීම මෙම ලියුම්කරුට මහා පුදුමයකි. අතපසුවීමක්ද එසේත් නැතහොත් සිතා මතා හිස්බුල්ලාට එරෙහිව නැෙඟන එම චෝදනාව සම්බන්ධයෙන් විමසීමක් නොකර සිටියාද?

ඇමරිකාව ශ‍්‍රී ලංකාව ඉලක්ක කරගෙන කි‍්‍රයාත්මක කරන මෙහෙයුම අතිශයින්ම බැ?රුම් කාර්යයකි. එම කි‍්‍රයාවලිය තීව‍්‍ර කර ඇත. රාජ්‍ය ලේකම් පොම්පියෝ මේ සතියේ පැමිණීම ශ‍්‍රී ලංකාව නතු කර ගැනීමේ කි‍්‍රයාවලියේම කොටසකි. 2015 ජනවාරි සිට ඇමරිකාව කි‍්‍රයාත්මක කරන මෙහෙයුම නිසියාකාරව තේරුම් ගැනීමට මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවූ දා සිට කොළඹට පැමිණි ඉහළ පෙළේ ඇමරිකානු නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් ලබාගතහොත් තේරුම්ගත හැක. වෙන මොනවා නැතුවත් පවතින තත්ත්වය තේරුම් ගැනීමට වසර 4 ක් ඇතුළත ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයකු දෙවරක් පැමිණීම සෑහේ. අතිශය බලගතු ඇමරිකානු හමුදා ස්ථානගතවී ඇති ජපානයේ ආරක්‍ෂක ඇමැති පසුගිය වසරේ අග භාගයේ හම්බන්තොට වරාය කළ සංචාරයද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. ජපාන ආරක්‍ෂක ඇමැතිවරයකු දශක ගණනාවකට ශ‍්‍රී ලංකාවට පැමිණ නැත. ශ‍්‍රී ලංකාව සමග ජපානය බලාපොරොත්තු වන නව මිත‍්‍රත්වය සලකා බැලිය යුත්තේ 2015 අගෝස්තු 06 දින ජපාන අගමැති ෂින්සෝ අබේ සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ අත්සන් තැබූ ‘පරිපූර්ණ. ගිවිසුමද සැලකිල්ලට ගනිමිනි. ඇමරිකාව මෙන්ද ජපානයද එලෙසම ඉන්දියාවද ශ‍්‍රී ලංකාව චීන උපාය මාර්ගික සංධිස්ථානයක් වීම වැළැක්වීමට කි‍්‍රයාකරමින් සිටී. හම්බන්තොට වරාය 99 වසර බද්දකට සහ කොළඹ වරායේ එක පර්යන්තයක් චීනයට හිමිවීම, පිළිවෙළින් මෛත‍්‍රි – වික‍්‍රමසිංහ රජය සහ මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ සිදුවිය.

ඇමරිකාව ජිනීවා උගුලේ ශ‍්‍රී ලංකාව 2015 පසුකළේ් අප රටේ දිශානතිය වෙනස් කිරීමට බව අද පැහැදිලිය. ඇමරිකාවට මානව හිමිකම් අදාළ නැත. හතර වැනි ඊළාම් යුද්ධයේදී සිදුවූවායැයි කියනු ලබන මානව හිමිකම්වලට ඇමරිකාව කඳුළු සැලූවේ ඇයි දැයි දැන් පැහැදිලිය. මානව හිමිකම් ප‍්‍රශ්නය දිගින් දිගටම මතු කරමින් ඇමරිකාව ලංකාවේ කි‍්‍රයාත්මක කළ මෙහෙයුම දැන් පැහැදිලිය.

එක්සත් රාජධානියේ නේස්බි සාමිවරයා ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ප‍්‍රජාවේ යම් කොටසක් නැඟූ අභූත චෝදනා ප‍්‍රතික්‍ෂේප කිරීමට අවශ්‍ය ලිඛිත සාක්‍ෂි 2017 ඔක්තෝබර් මස ඉදිරිපත් කළේය. බටහිර බලවත්තු එම සාක්‍ෂි ප‍්‍රතික්‍ෂේප කර දැම්මේය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය නේස්බි සාමිවරයාගේ කි‍්‍රයාකලාපය පිළිගත්තේ නැත. එවැනි තත්ත්වයක් තුළ ජිනීවා යෝජනාවලිය ස්ථිර විය. ඇමරිකාවේ වුවමනාවට ශ‍්‍රී ලංකාව එකඟ වූ සැණින් ඇමරිකාව ජිනීවා යෝජනාවලිය බැහැර කර දමනු ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානයටද මෙම තත්ත්වය වැටහෙන බව පැහැදිලිය. ඇමරිකාව සහ ශ‍්‍රී ලංකාව ආරක්‍ෂක ගිවිසුම් දෙකකින් එක්වූ විට ද්‍රවිඩ ජාතික සන්ධානයේ වටිනාකම එසේත් නැතහොත් අවශ්‍යතාව ලෝක බලවතාට නැතුව යනු ඇත.

නමුත් කාරීය කරගන්නකම් කාගෙත් සැලකිල්ල යන තත්ත්වය සැලකිල්ලට ගෙන බටහිර බලවතුන් කටයුතු කරනු බව පෙනේ. පාස්කු ප‍්‍රහාරයෙන් ද්‍රවිඩ ජාතිකයන් 60 පමණ මරුමුවට පත්වී 100 අධික සිවිල් වැසියන් ප‍්‍රමාණයක් තුවාල වූ බව අදාළ පාර්ශ්ව අමතක කර දමා තිබෙන්නේ තව්හිද් ත‍්‍රස්තවාදීන්ගේ ද්‍රවිඩ ජනතාව ඉලක්ක කර පහරදීම උලූප්පා දැක්වීම ඔවුන්ගේ කාර්යයට බාධාවක් බැවිනි. අවාසනාවකට රටේ අවශ්‍යතාව තේරුම් නොගන්නා පාර්ලිමේන්තුව නියෝජය කරන එජාප සහ එජාපය සමග එකට කටයුතු කරන පක්‍ෂ හැර අනෙකුත් පක්‍ෂ තම වගකීම් පැහැර හරිමින් සිටින බව රටේ ජනතාව තේරුම් ගත යුතුය.

එවකට ඇමරිකාවේ සිටි ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම් සමග සහභාගි වූ වොෂින්ටනයේ පැවැති රැස්වීමකදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් ශ‍්‍රී ලංකාව ඇමරිකාව සහ තම පක්‍ෂය විදේශීය විනිසුරුවන් ඇතුළු විදේශීය පුද්ගලයන් ශ‍්‍රී ලංකාවේ වගවීම පිළිබඳ විමර්ශනය කිරීමට සහභාගි කරගැනීමට තුන් පාර්ශ්වීය ගිවිසුම්ගත වීමත් වූ බව හෙළි කළේය. අදටත් අප පළාතට නැති පාර්ලිමේන්තුව මෙම ප‍්‍රකාශය පිළිබඳව කිසිදු විමසීමක් කර නැත. දිගින් දිගටම මාධ්‍යයෙන් සුමන්තිරන්ගේ මෙම ප‍්‍රකාශය පිළිබඳව කරුණු කාරණා පෙන්වා දුන් නමුත් පොදු විපක්‍ෂය, ජවිපෙ ඇතුළු කිසිදු සංවිධානයක් තැකීමක් කළේ නැත. 2018 අගෝස්තු මස ද්විපාර්ශ්වීය හමුදා වලට පහසුකම් සැලසිය හැකි ගිවිසුම අත්සන් කරන තුරුම නිදාගෙන සිටි බව පැහැදිලිය. නින්දෙන් අවදි වන විට ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ කොළඹය.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශ‍්‍රී ලංකාවේ නිල සංචාරය අවලංගු කිරීමට පෙර මෙම ලිපිය සම්පාදනය කෙරිණි. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු ස්ථාවරයේ කිසිදු වෙනසක් නැත.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More