දේශීය පුවත්

අප්‍රේල් 21 දින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කිසිදු සබඳතාවයක් නැති බව විශේෂ පොලිස් වාර්තාවක් මගින් මේ සතියේ කතානායකවරයාට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන් – එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද විශේෂ පොලිස් විමර්ශන කමිටුව මගින් මෙම වාර්තාව සකස් කර ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී. ප්‍රියන්ත මහතාගේ සභාපතීත්වයෙන් තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ සහභාගීත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක විය.

අදාළ තැනැත්තන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා නැගූ පිරිස්වලට තමන් සතු සාක්ෂි සහිතව පොලිස් විමර්ශන කමිටුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට සතියක කාලයක් ලබාදුන්නේය.

එම කමිටුවට පැමිණිලි ගණනාවක් ලැබුණි. ඒවා විමර්ශනය කළ පොලිස් කමිටුව එල්ල වූ චෝදනා සාක්ෂි සහිතව කිසිසේත් ඔප්පු වී නැතැයි නිගමනය කළේය. අනතුරුව මේ තිදෙනාගෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අප්‍රේල් 21 ප්‍රහාරයට හෝ ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ බවට නැගුන චෝදනා පදනම් විරහිත බව කතානායකවරයාට වාර්තා කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More