දේශීය පුවත්

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට මුවාවී යුරෝපයේ මුල් වරට ශ්‍රී ලාංකික මුස්ලිම් ඩයස්පෝරාවක් ආරම්භ වී ඇත. ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයට පැන ගොස් දේශපාලන රැකවරණය ලබා ගත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු විසින් ආරම්භ කර ඇති මෙම ඩයස්පෝරා කල්ලිය අරමුදල් එකතු කිරීමද ආරම්භ කර තිබේ.

මේ මුස්ලිම් ඩයස්පෝරා කල්ලිය පසුගිය සතියේ සිට යුරෝපා රටවල සිටින ඉස්ලාමීය අන්තවාදීන්ගේ සහාය ලබාගෙන ඇත. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ පා ඇතැයි මොවුන් අන්තවාදීන්ට පවසා ඇත.

විදේශීය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ සහයෝගයෙන් ජිනීවා නුවර මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට බොදු බල සේනාවේ නායක ගලබොඩ අත්තේ ඥාණනසාර හිමියන්ට එරෙහිව විරෝධතාවක් ද පවත්වා තිබේ. විරෝධතාවය ඇමතූ ශ්‍රී ලාංකික මුස්ලිම් ක්‍රියාකාරිකයෙක් කොටි ඩයස්පෝරාව තමන්ට සහාය පළ කරන බව ද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සංහාරය කිරීමට සිංහල බෞද්ධයන් ක්‍රියාකරන බව දන්වමින් මෙම මුස්ලිම් ඩයස්පෝරා කල්ලිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඩයස්පෝරා කල්ලිය විදේශ රාජ්‍ය නොවන සංවිධානයට මුදල් ගෙවා ඔවුන්ගේ නම යටතේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇමැතීම සඳහාද ලියාපදිංචිය ලබාගෙන ඇත.
Divaina



One thought on “පාස්කු ප්‍රහාරයට මුවාවී මුස්ලිම් ඩයස්පෝරාවක්”

  1. “….විරෝධතාවය ඇමතූ ශ්‍රී ලාංකික මුස්ලිම් ක්‍රියාකාරිකයෙක් කොටි ඩයස්පෝරාව තමන්ට සහාය පළ කරන බව ද සඳහන් කර ඇත. ….”

    ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට.

    ඔය සබදකම් හින්දා තමයි අප්‍රියෙල් 21 ද පළාත් 9 යේම පල්ලි වල බෝම්බ පිපිරිමට එකග වෙන්න අන්තවාදී සංගමයේ ඉහල පෙළ සාමාජිකයන්ට බැරිවෙන්න ඇත්තේ. එහෙම එකග වුනා නම් යාපනයේත් පුපුරවන්න වෙනවා. එතකොට දවසක කොටි ඩයස්පෝරාවේ සම්බන්දෙ එලිවුනොත් දෙමල ජනතාව කොටි ඩයස්පෝරාවට විරුද්ද වෙනවා.

    අපේ ප්‍රංස තානාපති කාර්යාලයක් තියනවා නම් අකුලන් යන්න කියන්න ඕන මේ වගේ අන්තවාදීන්ට දේශපාලන රැකවරණ දුන්නට.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More