ව්‍යාපාරික පුවත්

සෙවණගල සීනි කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් හැඟීම්බර කථාවක් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් කළේය.

ඌණ උපයෝජිත වත්කම් හා ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත අහෝසි කිරීමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“2005 දී අවාසනාවකට මම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන්න නිසා මහින්ද රාජපක්ෂ මහතා මගෙත් සමග තරහවුණා. ජනපතිවුණාම මාස 4ක් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වසා දැම්මා.

අපි වගේ සිංහල ව්‍යාපාරිකයෝ නැති කරන්න එපා. ලෝකයේ කොහෙවත් රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වත්කම් තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පවරා ගන්නේ නෑ.

දේශපාලනය නිසා මගේ ව්‍යාපාරවලට ගැහුවා. සිංහල බෞද්ධකම ගැන කථා කරන අය අපිව විනාශ කළා.

රජයකට ව්‍යාපාර කරන්න බෑ. ශ්‍රී ලන්කන් ණය ගෙවන්නේ ජනතාව. සෙවණගල මට එපා. මගේ මගේ ඇත්ත වන්දිය දෙන්න. මිලියන 2800ක් මම මේකට යට කළා.

මේ නිසා ව්‍යාපාර රාශියකට බලපෑම් ඇතිවුණා. මගේ තරුණ කාලයේ අවුරුදු 9ක් මම මේකට යට කළා. මට කරපු දේ කිසි කෙනෙක්ට කරන්න එපා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More