අප්‍රේල් 21 වැනිදා වහාබ්වාදී මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සැමරීම පිණිස අද (21) සවස කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී සුවිශේෂ සැමරුමක් සංවිධානය කොට තිබිණි. ‘පාස්කු ඉරිදා වින්දිතයන්ට යුක්තිය ඉටු කර ගැනීමේ ජනතා ක්‍රියාන්විතය” විසින් සංවිධානය කර තිබූ මෙම සැමරුම නම් කොට තිබුණේ ‘ඉටි පහන් වැට” යනුවෙනි.
මෙම සැමරුම පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර හෝකන්දර දක්ෂිණාරාමාධිපති, කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය මදුරුඔයේ ධම්මිස්සර නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද හින්දු සම්මේලනයේ ප්‍රධාන අනුශාසක, මධ්‍යම පළාත් ප්‍රධාන පූජක හරිදෙව් ප්‍රභාකර් කරුක්කල්තුමන්, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් නියෝජනය කරමින් ක්ලැසිඩස් පියතුමන්, ජාතික සමගිය සදහා වන අන්තර් ආගමික සංවිධානයේ මුස්ලිම් කටයුතු පිළිබද සම සභාපති අල්හාජ් හසන් මවුලානා පූජකතුමන් ඇතුළු ආගමික නායකයෝ ද වැඩම කර සිටියහ.
අනුෂා දමයන්ති, ගයාන් වික්‍රමතිලක, අර්ජුන් කමලනාත් ඇතුළු කලාකරුවෝ පිරිසක් ද ගාමිණි ලොකුගේ, ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර, සිසිර ජයකොඩි, නිරෝෂන් ප්‍රේමරත්න, කාංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. පිළිගැනීමේ කතාව මහාචාර්ය අතුල සුමතිපාල මහතා සිදු කළ අතර ප්‍රවිණ රංගන ශිල්පිනී අනූෂා දමයන්ති, උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා මහින්ද රාජපක්ෂ මැතිතුමා ද අදහස් දැක්වූහ.
ඉදිරියේදී මෙවන් අපරාධයක වින්දිතයන් බවට පත්වීමට මෙරට ජනතාවට ඉඩ නොතබන බවට සපථ කරමින් ප්‍රතිඥාවක් ලබා දෙන අතරතුර ඉටිපහන් දැල්වීම ද මෙහිදී සිදු කෙරුණි. එසේම ඉහත ඛේදනීය සිදුවීම අලලා විමල් වීරවංශයන් විසින් රචිත, සංඛ දිනෙත් සංගීතවත් කළ ගීතයක් ජනගත කිරීම ද මෙම සැමරුමෙහි එක් අංගයක්ව පැවතිණි.







;;;;;
;;;;;;;;;;;;;;;;;;;;;;
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...