දේශීය පුවත්

සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්කයක් එංගලන්ත කණ්ඩායම ලකුණු 212කට සීමා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 232/9ක් රැස්කිරීමට සමත්වූයේය.

දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් මෙම තරගයේදී ලකුණු අතරට පැමිණිමට සමත්වූ අතර එහිදී ඇන්ජලෝ මැතිව්ස් 85, අවිශ්ක ප්‍රනාන්දු 49, කුසල් මෙන්ඩිස් 46 ලකුණු රැස්කිරීමට සමත්වූහ.

ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම ලකුණු 212කට සීමා කිරීමට ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 82ක් රැස්කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළත් එය එංගලන්ත ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

ලසිත් මාලිංග 43/4, ධනංජයද සිල්වා 32/3 ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූහ. තරගයේ වීරයා ලෙස ලසිත් මාලිංග සම්මාන හිමිකරගත්තේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More