කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උසස් කරදෙන ලෙස ඉල්ලා පැවැත්වෙන උපවාසය පස්වැනි දිනටත් පැවැත්වුණ අතර එම ස්ථානයට පැමිණි ප්‍රාථමික කර්මාන්ත සමාජ සවි බල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් මහතාට ජනතාව විරෝධය දැක්වූහ.
එම ස්ථානයට පැමිණි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ජනතාව ඇමතූ අතර පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ජනතාව ඇමතන අතර තුර එම ස්ථානයේ සිටි ජනතාව ඔහුට හූ තබමින් විරෝධය දැක්විය.
පසුව අමාත්‍ය දයා ගමගේ මහතා පැමිණ ජනතාව ඇමතූ අතර ඔහුගේ කතාවට ජනතාව විරෝධය දැක්වීම හේතුවෙන් ඔහුට කතාව අතරමග නැවත්වීමට සිදුවිය.
දයා ගමගේ ඇමැතිවරයාට සහ සුමන්තිරන් මන්ත්‍රීවරයාට ජනතාව විරෝධය පල කිරීම හේතුවෙන් පොලිසීය මැදිහත්වී ඔවුන් දෙදෙනාව ඒම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...