‘අපේ‍්‍රල් 21 දින ඉස්ලාම් මූලධර්මවාදීන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මිය ගිය මිනිසුන්ගේ දෙමස් පූර්ණ සිහි කිරීම වෙනුවෙන් පැවැත්වෙන ‘ඉටි පහන් වැට’ සැමරුම අද (21) සවස 3:30ට කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙම සැමරුමට සර්ව ආගමික පූජකතුමන්ලා, දේශපාලන පක්‍ෂ නායකයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුුළු විශාල පිරිසක් එක්වීමට නියමිත ය.
මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් මෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන මහත්වරු ඇතුළු දේශපාලන පක්‍ෂ නායකත්වය මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.
මියගියේ කෙලෙසකදැයි නොදත් මිනිසුන් වෙනුවෙන් ‘ඉටි පහන් වැට’ විහාරමහදේවී එළිමහන් රංග පීඨයේ සිට ගෙන එන සජීවී විකාශය සවස 3:00 සිට
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...