විදේශ පුවත්

ත්‍රස්ත කණ්ඩායමක් තමිල්නාඩුව ඇතුළු දකුණු ඉන්දියාවේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව වාර්තාවීමත් සමඟ එම ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩිකිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

තුන්දෙනකුගෙන් සමන්විත ‘අබු අල්කිටාල්’ නමැති කණ්ඩායමක් එලෙස ප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් කියැවිණි.

ආපනශාලා, ආගමික ස්ථාන, සාප්පු සංකීර්ණ ඇතුළු ජනතාව ගැවසෙන ප්‍රමුඛ ස්ථාන කිහිපයකට එලෙස ප්‍රහාර කිරීමට ත්‍රස්තවාදීන් සැලසුම් කර ඇතැයි අනාවරණය වී තිබේ.

තොරතුරු අනාවරණය වී තිබෙන සැකකරුවන් අයි.එස්. සංවිධානය සමඟ දිගින් දිගටම සබඳතා පවත්වන බවත් ඔවුන් අන්තර්ජාලය තුළ සක්‍රීය පිරිසක් බවටත් තවදුරටත් තොරුතුරු හෙළි වී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ මෙන්ම දකුණු ඉන්දියාවේ ප්‍රදේශ රැසක සහ වෙරළබඩ ප්‍රදේශවල ආරක්ෂාව දැඩිකිරීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More