පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රජය සත්‍ය වසන් කරමින් සිටින බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති.
ශුද්ධොත්තම පාප්වහන්සේ හමුවීමට පෙර මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
“ රජය පැත්තෙන් බරපතල ලෙස වගකීමේ ගැටලුවක් තිබෙනවා. දැන් ඒ අය හැම කමිටුවක්ම කොමිසමක්ම පත්කර තිබෙනවා. පැත්තෙන් පැත්තට චෝදනා කර ගන්නවා. ඔබ දන්නවා කවුද වගකියන්න ඕන කියලා”
එසේම ඉන්දියාවෙන් ලබාදුන් තොරතුරු තමන්ට දැනුම් දුන්නානම් සෑම පල්ලියක්ම වසා තිබන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
“ හැමකෙනෙක්ම එකිනෙකාට බැන ගන්නවා. ඒ වගේම සත්‍ය වසන් කිරීමේ උත්සාහයක් තිබෙනවා.”
මේ සම්බන්ධයෙන් ජනපතිවරයාගේ කටයුතු කිරිම පවා ගැටලුවක් බවට පත්ව ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
රොයිටර්ස් ඇසුරෙනි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...