දේශීය පුවත්

පැය 24 කින් කල් දැමූ දුම්රිය වැඩවර්ජනය ඊයේ (20 දා) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය රියැදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කළ අතර සිය ඉල්ලීම සම්බන්ධව මුදල් ඇමැති මංගල සමරවීර සහ ප‍්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුන් සමග ඊයේ සවස පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව කලින් යෝජනා කර තිබූ පරිදි දින දෙකක වැඩ වර්ජන ක‍්‍රියාත්මක කරන බවත් ඒ සඳහා දුම්රිය නියාමක, පාලන, රියැදුරු, ස්ථානාධිපතිවරු සහ අධීක්‍ෂණ කළමනාකාර යන ශ්‍රේණි පහ දායක වන බවත් ඒ මහතා කීවේය.

මෙම වැඩ වර්ජනය පෙරේදා (19 දා) රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිත වුවද මුදල් ඇමැතිවරයා මැදිහත් වී ගැටලූව විසඳන බවට ලබාදුන් පොරොන්දුව අනුව ඊයේ දක්වා කල් දමන ලදී.

එහෙත් ඊයේ දුම්රිය වෘත්තීය සමිති මුදල් ඇමැතිවරයා සමග විශේෂ සාකච්ඡුාවක නිරත වුවද එම සාකච්ඡුා අසාර්ථක වීම නිසා වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කළ බව ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේය.

ක්‍රියාත්මක දුම්රිය වර්ජනය හේතුවෙන් අද උදෑසන කොටුව දුම්රියපොළ ඇතුලු දුම්රිය ස්ථාන කිහිපයකම දක්නට ලැබුනේ පාළු ස්වභාවයක්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More