දේශීය පුවත්

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ අපක්‍ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරුන් අතරින් දෙදෙනකු දින 15ක් ගත වීමටත් මත්තෙන් යළි දිවුරුම් දී ඇති බවත් මේ පිරිස රඟ දක්වමින් සිටින්නේ ‘ත්‍රස්තවාදයට අනුබල දීමේ බරපතළ චෝදනා ඇති‘ රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා බේරා ගැනීමේ නාටකයක් යැයි මෙමගින් තවදුරටත් තහවුරු වූ බවත් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

අද(20) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

“කබීර් හෂිම් හා ඒ. එච්. එම්. හලීම් යන එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මුස්ලිම් ඇමතිවරුන් දෙදෙනා මෙසේ යළි දිවුරුම් දුන්නා සේම මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම් ඇතුළු එම පක්‍ෂයේ හිටපු ඇමතිවරුන් ද රිෂාඞ් බදියුදීන් මහතාගේ පක්‍ෂයේ හිටපු ඇමතිවරුන් ද තම පක්‍ෂවල ‘තීන්දු’ අනුව ඉදිරි දිනවල යළි ඇමති ධුරයන්හි දිවුරුම් දීම ඉහත නාටකයේ ඉදිරි ජවනිකා විය හැකි බව ද මොහොමඞ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

දින 30ක කාලයෙන් අනතුරුව ‘අපි ඉල්ලා අස්වෙලා සාධාරණ පරීක්‍ෂණයක් කරන තුරු බලා සිටියා. කෝ අපට විරුද්ධ චෝදනා, කෝ අපට නඩු පැවරුවාද?’ යනුවෙන් පවසමින් රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා ද ඇමති ධුරයේ දිවුරුම් දීම මෙම නාටකයේ අවසන් ජවනිකාව විය හැකි බව ද ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා සඳහන් කළේය.

රිෂාඞ් බදියුදීන්ලාට එසේ සලකන මෙම ආණ්ඩුව
, පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් බවට පත් වූ මියගිය 300කට අධික පිරිසකටත් තුවාල ලැබූ 500කට අධික පිරිසට හා ඔවුන්ගේ ඥාතීන්ටත් ගෙවී ගිය දෙමස තුළ කිසිදු ආකාරයකින් යුක්තිය ඉටු නොකළ බවට ද මොහොමඞ් මුසම්මිල් මහතා චෝදනා කළේය. එසේම මහනුවර දිස්ත්‍රික්කය තුළ පමණක් අන්තවාදී පල්ලි 40ක් ඉදි කිරීමට අවසරය ලබා දුන් හලීම් වැනි අයකුට යළිත් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය භාර දීම ‘නරියාට කුකුළන් භාරදීමක්’ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

‘උලමාවරුන්ගේ මැදිහත්වීම ප්‍රමාණවත් මදි’

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ මොහොමඞ් මුසම්මිල් මහතා සමස්ත ලංකා ජමියීයතුල් උලමා සංවිධානය හෙවත් මුස්ලිම් ආගමික වියතුන්ගේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය දෝෂ දර්ශනයට ලක් කළේය. එම සංවිධානය මෙරට ජීවත් වන සම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව තලේබානුකරණයට ලක් කිරීමට පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළ බවට සාක්‍ෂි තමන් සතුව පවතින බව ද ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මද්‍රසා සහ අරාබි පාසල් රටේ අධ්‍යාපන පද්ධතියට පිටින් පවතින බවට හා නියාමනයක් නොමැති බවට එල්ල වී ඇති විවේචන සහ මෙම පාසල්වල ඉගැන්වීමට විදේශීය රටවල්වලින් පැමිණෙන ආගමික අන්තවාදී දේශකයන් විසින් මුස්ලිම් දරුවන්ගේ මනසට අන්තවාදය ඇතුළු කරන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බලා සත්‍ය රට හමුවේ තැබීමේ වගකීම පැවරී ඇති උලමාවරුන් එම වගකීම පැහැර හැර ඇති බව ද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

තවද ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම, මුස්ලිම් දේවස්ථාන, මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් ආදිය පිළිබඳව මෙන්ම මුස්ලිම් ප්‍රජාව තුළ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් සමාජ සංවාදයක් ගොඩනැගී ඇති මොහොතක ජමියියතුල් උලමා සංවිධානය එම මතවාදයන්ට අදාළ පිළිතුරු නොදීමෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනකොටස් අතර විරසකය තවදුරටත් උත්සන්න වී ඇති බව ද පෙන්වා දුන් මුසම්මිල් මහතා මුස්ලිම් සමාජය කෙරෙහි එල් ල වූ සැක සංකා දුරු කිරීම සඳහා ආගමික වියතුන්ගේ සංවිධානය දැන්වත් ප්‍රමාණවත් ලෙස මැදිහත් විය යුතු බව අවධාරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

.

– මහනුවර පමණක් අන්තවාදී මුස්ලිම් පල්ලි 40කට අනුමැතිය දුන් හලීම්ට යළි මුස්ලිම් කටයුතු අමාත්‍යංශ භාර දීම නරියන්ට කුකුළන් භාර දීමක්,- මුස්ලිම් ඇමතිවරුන්ගේ දින 30ක ඉල්ලා අස්වීමේ නාටකය' ඊටත් කලින් ඉවරවෙන්න යනවා- උලමාවරුන්ගේ සභාව ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් තලේබානුකරණය කිරීමේ පුරෝගාමීන් බවට පැහැදිලි සාක්ෂි මා සතුව තිබෙනවා,2019-06-20 ජානිපෙ මාධ්‍ය හමුව

Gepostet von Jathika Nidahas Peramuna am Mittwoch, 19. Juni 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More