දේශීය පුවත්

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් මත වරදකරු කර වසර හයක සිර දඬුවම් විදිමින් සිටියදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ජනාධිපතිවරයාට එරෙහිව අද (20) මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි.

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති පෙත්සම් හි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපති නම් කරනු ලැබ සිටිති.

අධිකරණයට අපහාසයක් කිරීමේ සිද්ධියකට වරදකරුව දඩුවම් විදිමින් සිටි ඥානසාර හිමියන් ඉකුත්දා ජනාධිපතිවරයා ජනාධිපති සමාව යටතේ මුදා හැරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය යටතේ ලබා දී ඇති නීතිය ඉදිරියේ එක සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම කඩ වී ඇති බවත් , එබැවින් එය උල්ලංඝනය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More