දේශීය පුවත්

බුදුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි 2013 වසරේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලද ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් අද(20) දිනයේ එම ප‍්‍රකාශය යළිත් සංශෝධනය කළේය.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ තමන් අතින් එදා වූයේ වැරදක් බවයි.

2013 වසරේ දී ඇතැම් සිංහල අන්තවාදී සංවිධාන විසින් මුස්ලිම් ජන සමාජයට සහ ඉස්ලාම් ආගමට විරුද්ධව එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු දෙන අවස්ථාවක දී තමන් අතින් එවන් දෙයක් කියවුන බවද ඔහු සඳහන් කළේය.

තමන් තිබූ ඉක්මනින්ම නිවැරදි කළ බවත් තමන් ප‍්‍රසිද්ධියේ තමන් සමාව අයැද සිටි බවත් ඔහු පැවසීය.

තමා එදින ප්‍රකාශ කරන ලද්දේ උපාසිකාවගේ කලවා මාංශය ගිලන් වූ භික්ෂූන් වහන්සේ නමක් විසින් අනුභව කිරීමක් බුදුන් වහන්සේ කිරීමක් සේ වැරදි ආකාරයෙන් තේරුම් ගත් නිසා බවත් මහ ලේකම්වරයා කීය.

කෙසේ වෙතත් එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ බුදුරජාණන් වහන්සේ අතන මෙතන ගොස් නොදැනුවත්ව හෝ ගොන් වැඩ නොකරන උත්තමයෙකු බවයි.

ඒ නිසා මෙවන් ප්‍රකාශ කිරීමට පෙර තමන් තවදුරටත් අධ්‍යනය කර විශ්වාසයක් ඇතිව සිදු කරන ලෙසත් සේ විශ්වාසනීයත්වය ඇති වන තෙක් දේශනා කිරීම නවත්වන ලෙසත් ඔහු කියා සිටියේය.

?සජීවීව : CTJ මහලේකම් අබ්දුල් රාසික් අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

Gepostet von Ada Derana Sinhala am Donnerstag, 20. Juni 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More