විදේශ පුවත්

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ වසර හතර සඳහා යළිත් බලයට පත්වීමේ අරමුණින් සිය ජනපති සටන නිල වශයෙන් අරඹා තිබේ.

රිපබ්ලිකන් ජනපති අපේක්ෂකත්වය වෙනුවෙන් ෆ්ලොරීඩා හි සිය මංගල රැලියට දහස් සංඛ්‍යාත ජනකායක් රැස්ව සිටි අතර, ඔහු ෆ්ලොරීඩාව හැඳින්වූයේ තමාගේ දෙවනි නිවහන ලෙසිනි.

මෙහිදී, ඩිමොක්‍රටික් පක්ෂය හා අපේක්ෂකයන් වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කළ ට්‍රම්ප්, ඔවුන් ඇමෙරිකාව කෑලිවලට බෙදා වෙන්කරනු ඇති බව කියා සිටියේය.

මේක් ඇමෙරිකා ග්‍රේට් අගේන් යන ඔහුගේ කලින් සටන් පාඨය මෙවර කීප් ඇමෙරිකා ග්‍රේට් ලෙස වෙනස්ව තිබුණේ, අමෙරිකාව තවදුරටත් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් බවට පත්කරන වැඩපිළිවෙල දිගටම සිදුකළ යුතු බව කියමිනි.

ට්‍රම්ප් වේදිකාවට පැමිණියේ සිය බිරිඳ සහ ජනපති ආර්යාව වූ මෙලානියා ට්‍රම්ප් සමගිනි. ඇයද ඉදිරි කාලය ජනපති ආර්යාව ලෙස කටයුතු කිරීමට කිසේස්ත්ම අකමැති නොවනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More