මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබා දුන්නේ යැයි අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ජුලි මස 7 වනදා පෙරවරුවේ රහස් පොලීසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අමාත්‍ය රවී කරුණානායක මහතාට සහ ඔහුගේ බිරිඳ වන මෙලරින් නිලන්ති කරුණානායක මහත්මියට මෙම නියෝග නිකුත්කර තිබේ.
එමෙන්ම රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායකට මේ මස 26 වනදා රහස් පොලීසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළේය.
මෙම පැමිණිල්ල අද(20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුවයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ අතර පැමිණිල්ල අගෝස්තු මස 29 වනදා කැඳවීමට නියම කෙරුණි.
එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද රහස් පොලිසියට නියෝග කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...