දේශීය පුවත්

තමා හෝ තමාගේ පවුලේ හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු තවුහිද් ජමාත් සංවිධාන සමග සම්බන්ධ වී සිටින බවට හැකිනම් ඔප්පු කරන ලෙස බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට අභියෝග කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පාර්ලිමෙන්තුවේදී අද (20) පැවසීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ වීශේෂ කාරක සභාව හමුවේදී අසාද් සාලි මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්වධ අදහස් දක්වමින් හලීම් මහතා මේ බව කීවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්ද අහිමි කිරීම සඳහා අසාද් සාලි මහතා තමාට චෝදනා කර තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.

අසාද් සාලි මහතා හජ් කමිටුවේ සාමාජිකත්වය ඉල්ලා සිටි අවස්ථාවේදී එය ලබා නොදීමත්,මහනුවර දිස්ත්‍රික්කයේ ඔහු මැතිවරණයකට ඉදිරිපත් වූ අවස්ථාවකදී තමා සමග ඇතිවූ මතභේදයක් හේතුවෙන් තමාට විරුද්ධව අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් යන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

බහුවාර්ගික ,බහු ආගමික ආසනයක් වන මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ආසනය කේන්ද්‍ර කරගනිමින් පළාත් සභා මැතිවරණ තුනක් හා පාර්ලිමේන්තු මැතිවරණ 05ක් ජයග්‍රහනය කළ තමාට හා තමාගේ පවුලේ සමාජිකයන්ට 2015 සිට පදනම් විරහිත චෝදනා එල්ල කරමින් අසාද් සාලි මහතා මඩ සෝදා ගැනීමේ උත්සහයක යෙදී සිටින බවද හෙතෙම කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More