ව්‍යාපාරික පුවත්

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා විශ්‍රාමික ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සම්මත කරන ලදී. මෙම පනතේ විධිවිධාන ප්‍රකාරව සේවා යෝජකයකු විසින් සේවකයෙකු සේවයට බඳවාගනු ලැබූ පසු එම සේවකයාගේ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට එම සේවා යෝජකයා බැඳි සිටියද එම තොරතුරු ලබා දීම කුමන කාලසීමාවක් තුළ කළ යුතුද යන්න සම්බන්ධයෙන් ඉහත පනතේ ප්‍රතිපාදන සලසා නොමැත. එබැවින් සැලකිය යුතු සේවක පිරිසක් විවිධ අපහසුතාවන්ට ලක්වන බව නිරීක්ෂණය වී ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගෙන සේවකයෙක් සේවයේ නියුක්ත කළ දිනයේ සිට නියම කරනු ලබන නිශ්චිත කාලයක් තුළ මෙම සේවකයාගේ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට සේවා යෝජක වෙත නියම කිරීමටත්, සේවා යෝජක විසින් එසේ ලබාදීම පැහැර හරින අවස්ථාවකදී අදාළ සේවකයාට එම තොරතුරු ඍජුවම දැනුම් දීමටත් හැකිවන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝග සෑදීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More