දේශීය පුවත්

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව මේ හේතුවෙන් තර්ජනයකට ලක්ව ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ වාර්තා අනතුරු අඟවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ රාජ්‍ය බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් කේරළයේ ඉහළ පොලිස් නිලධාරීන්ට ලිපි තුනක් යොමුකරමින් දන්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙහිද එක් ලිපියකින් ඉන්දියාවේ කෝචි හි සුප්‍රසිද්ධි සාප්පු සංකීර්ණයක් අයි.එස්. ප්‍රහාරයකට ල්කවිය හැකි බව දන්වා ඇත. තවත් ලිපියකින් දන්වා ඇත්තේ අයි.එස්. මතවාදී අදහස් ඇති පිරිස් තම රටවල් තුළ සිටිමින් ජිහාඩ් පන්නයේ සහාසික ක්‍රියාකාරකම් සිදුකිරීමට උත්සාහ කරන බවයි.

ඉන්දියාවේ කේරළ, තමිල්නාඩුව, ආන්ද්‍රා ප්‍රදේශය හා කාශ්මීරය අයි.එස්. ක්‍රියාකාරකම් වලින් වැඩි වශයෙන් බලපෑමකට ලක්ව හැකි ප්‍රදේශ බව ඉන්දීය ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් සඳහන් කර තිබේ.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ සන්නිවේදන මාධ්‍ය අතර ටෙලිග්‍රෑම් මැසෙන්ජර් ප්‍රධාන තැනක් ගත්තත් එහිදී තොරතුරු බාහිර පාර්ශ්වයන්ට හා හැකි වීම හේතුවෙන් විකල්ප ලෙස Chatsecure, Signal හා Slilent Text යන යෙදුම් භාවිත කිරීමට කටයුතු කරනු ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ අණාවරණය කරගෙත තිබේ.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පමණක් 100කට අධික පිරිසක් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී ඇති බවත් 3000කට අධික පිරිසක් රැඩිකල් මතවාද දරණ බවත් දකුණු ඉන්දියාවේ උපදේශන සේවා සපයන මධ්‍යස්ථාන 21ක් පමණ ඇති බවත් ඉන්දියාව තොරතුරු වාර්තා කරගෙන තිබේ. කෙසේ වෙතත් ඉන්දීය ආරක්ෂක අංශ මේ වන විට මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

එසේම කේරළයේ මුහුදු වෙරළ දැඩි ආරක්ෂාවකට යටත් කර ඇති අතර ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දීය ආරක්ෂක අංශ මේ වන විට පුද්ගලයන් 30ක් පමණ සමීපව පරීක්ෂා කරන බවත් ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More