දේශීය පුවත්

රටේ වගකිව යුතු පුද්ගලයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාට දේශීය කිසිදු දෙයක් ගැන කිසිදු කැක්කුමක් නොමැති බව බෙල්ලංවිල ධම්මරතන හිමියන් පවසයි.

”ජාතික සමතා බලවේගය ” ඊයේ (19) කොළඹ 7 හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී කැදවා තිබූ විශේෂ නියෝජිත සමුළුවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.

ලොකුම අවාසනාව බවට මෙම තත්ත්වය පත්ව ඇති බවත් පැවසු උන්වහන්සේ, රට පත්ව ඇති මෙම තත්ත්වයෙන් මිදීමට ඉතා ඉක්මනින් ක්‍රියා කල යුතු බව ද පැවසීය.

පසුගිය කාලය පුරා කතා බහක් ඇති වුවත් කිසිවක් සිදු නොවු බවත් පැවසු ධම්මරතන හිමියන් ඒ ගැන කිසිවෙකුට හෝ චෝදනා නොකරන බව ද කියා සිටියේය.

වත්මන් රජය ඉක්මනින් ගෙදර යැවිය යුතු බවත් පැවසු උන්වහන්සේ, ඒ අය ගැන වෛරයක් නැති වුවත් ඔවුන් බලයේ සිටින විට රට අස්ථාවර තත්ත්වයේ පවතින බව ද පැවසීය.

රට ගැන කැක්කුමක් රජයට නැති බවක් හැඟී යන බවත් ඔවුන් එය හිතා මතා සිදු කරන බවත් පැවසු ධම්මරතන හිමියන්, ඇමෙරිකාව විසින් මේ ලෝකයේ රටවල් ගණනාවක් දෙකඩ කර ඇති බවත් කියා සිටියේය.

කොරියාව දෙකඩ කරමින්, එකම ජාතියක් වෙන් කරමින් මිනිසුන් ලක්ෂ ගණනක් ඇමෙරිකානුවන් විසින් මරා දැමූ බවත් පැවසු උන්වහන්සේ, මැදපෙරදිග, වියට්නාමය, ඉරාකය, ඉරානය, ලිබියාව වැනි රටවල්වල ද අවාසනාවන්ත සිදුවිම් සම්බන්ධයෙන් ඇමරිකාව වගකිව යුතු බවද සඳහන් කළේය.

අද වන විට ඉන්දියාව ලංකාවේ අසල්වැසි රාජ්‍ය ලෙස බලවත් අයුරින් ඇමෙරිකාවට ගැතිවී ඇති බව ද සඳහන් කල ධම්මරතන හිමියන් අගමැතිවරයාගේ මෙම ක්‍රියාවලියට උදව් උපකාර කරන අපෙත් අය ඉන්නවා සිටින බව ද පැවසීය.

එමෙන්ම NGO නඩයක් විශාල වශයෙන් අමෙරිකානු හිතවාදීන් ලෙස උදව් උපකාර කරන බව ද උන්වහන්සේ තව දුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More