දේශීය පුවත්

සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාකාරි ත්‍රස්ත කණ්ඩායමක් වන අයි.එස් සටන්කාමීන් විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරය සංවිධානය කර ඇති බව රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යුරි කොකොව් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාල ප්‍රහාරය ගෝලීය ජිහාඩ් මතවාදයේ දේශීය ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවට තහවුරු වී ඇති බවයි.

රුසියානු ආරක්ෂක මණ්ඩලයේ 10 වන ජාත්‍යන්තර සමුළුව අමතමින් යූරි කොකොව් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

සිරියාවේදී සහ ඉරාකයේදී අයි.එස් සංවිධානය සමග සම්බන්ධ වී පසුව ශ්‍රී ලංකාවට පැමිණි රැඩිකල් කණ්ඩායමක සාමාජිකයින් අදාල පිපිරීම් ප්‍රායෝගිකව සංවිධානය කර ඇති බව ඔහු පවසයි.

මේ වන විට අදාල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල ප්‍රධාන මධ්‍යස්ථානයන් වන්නේ මැදපෙරදිග, අප්‍රිකාව, දකුණ සහ ගිනිකොණ දිග ආසියාව බව රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.

මෙම ත්‍රස්ත තර්ජන යුරෝපා සංගමයට අයත් රටවලට ද අදාල වන අතර නෙදර්ලන්තය, නෝර්වේ ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන රටවල මේ වන විටත් ත්‍රස්ත ප්‍රහාර කිහිපයක් සිදු කර ඇති බව යුරි කොකොව් මහතා ප්‍රකාශ කර ඇත.

ඉදිරියේදී ද යුරෝපයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ත්‍රස්ත සංවිධාන නායකයින් ප්‍රකාශ කර ඇති බව රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යුරි කොකොව් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More