දේශීය පුවත්

රටේ සියලු දේශප්‍රේමී , ජාතිකවාදී, වාමවාදී බලවේග එක් මහා බලවේගයක් ලෙස ගොනුකොට ජාතිය ගලවා ගැනීමේ මහා දේශපාලන සන්ධානයක් ගොඩනැගිය යුතු බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

”ජාතික සමතා බලවේගය ”  අද (19)  කොළඹ 7 හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී කැදවා තිබූ විශේෂ නියෝජිත සමුළුවට එක්වෙමින් වීරසේකර මහතා මෙම අදහස් පළ කර සිටියේය.

ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි, මහාචාර්ය ඉදුරාගාරේධම්මරතන හිමි, ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, මහාචාර්ය නලින් ද සිල්වා, ආචාර්ය ගුණදාස අමරසේකර,  මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු විද්වත්හු පිරිසක්  මෙම සමුළුව ආමන්ත්‍රණය කළහ.

මාතෘභූමිය මුහුණ දී තිබෙන  විනාශකාරී ඉරණමෙන් ගලවා ගැනීම සදහා වන සමතා බලවේගයේ  ප්‍රතිඥවක්ද සරත් වීරසේකර මහතා විසින් සමුළුවට ඉදිරිපත් කරන ලදි.

එම සමුුළු ප්‍රතිඥාව පහතින්

 

ජනතා ප්‍රතිඥාව

ජාතික සමතා බලවේගය – 2019.06.19

  1. අප මාතෘ භූමිය තිස් වසරක බෙදුම්වාදී යුද්ධයට මුහුණ දුන් වකවානුවට වඩා බරපතල, අනතුරුදායක සහ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙමින් සිටින බැවින්ද –
  2. විශේෂයෙන්ම අප මාතෘභූමිය ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදයට බාහිරින් සහ අභ්‍යන්තරයෙන් ගොදුරුවී සිටින මොහොතක ආණ්ඩුව විසින් තම බලය රැක ගැනීම සදහා අන්තවාදී බලවේග ආරක්ෂා කරමින් සිටින බැවින්ද –
  3. වර්ථමාන ආණ්ඩුව අප මාතෘභූමිය සතු ජාතික සම්පත්, වරායවල්, ගුවන්තොටුපලවල්, ඇතුලු උපායමාර්ගික මර්මස්ථාන සහ ජනතාව සතු ඉඩම් විදේශිකයන් සතු කිරීමට සහ ගිවිසුම් ත්‍රිත්වයක් මගින් සහ රටේ නීති පද්ධතිය වෙනස් කරමින් ඇමෙරිකානු හමුදා රට තුළට කැදවීමට නිවට නියාළු ලෙස වහල් මානසිකත්වයෙන් කටයුතු කරන බැවින්ද –
  4. එසේම රටේ ජනතාව මුහුණ දෙමින් සිටින කිසිදු සමාජ, ආර්ථික ප්‍රශ්නයකට විසදුම් ලබා දීමට අසමත්ව වැඩ බැරි ආණ්ඩුවක් ලෙස මහජන අප්‍රසාදයට සහ නින්දාවට ලක්ව සිටින වර්ථමාන ආණ්ඩුව හොරකමට, දූෂණයට සහ වංචාවට සහ කටමැත දෙඩවීමට පමණක් දක්ෂකම් පෙන්වන බැවින්ද-
  5. සමසිරියන් වෙනුවෙන් රටේ නීති වෙනස් කිරිමට උත්සාහ කරමින් මහා සංඝරත්නයට සහ සම්බුද්ධ ශාසනයට නිග්‍රහ කරමින් ඓකතිහාසික බෙෘද්ධ ශිෂ්ටාචාරයේ පදනම විනාශ කිරීමට ආණ්ඩුවේ යම් පාර්ශව විකෘති මනසකින් කටයුතු කරන බැවින්ද –

 

  • අපගේ මාතෘභූමිය මේ විනාශකාරී ඉරණමෙන් ගලවා ගැනීම සදහා

 

  • අප රටේ සියලු දේශප්‍රේමී , ජාතිකවාදී, වාමවාදී බලවේග එක් මහා බලවේගයක් ලෙස ගොනුකොට ජාතිය ගලවා ගැනීමේ මහා දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කැපවන බවටද

 

  • ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතියේ පොදු අපේක්ෂකයා ලෙස කොන්ද පණ ඇති දක්ෂ නායකයෙක් ඉදිරිපත්කොට නගරයෙන්, නගරයට,ගමින්, ගමට, වීදියෙන්, වීදියට, පංසලෙන් , පංසලට, ගෙදරින්, ගෙදරට, යමින් ඔහුගේ ජයග්‍රහණය සදහා කැප වන බවටද
  • අනාගතයේදී බිහි කරනු ලබන රජය තුළ ඉස්ලාම් මූලධර්මවාදී, අන්තවාදී බලවේග වලට සහ බෙදුම්වාදී බලවේග වලට කේවල් කිරීමට ඉඩ නොතබන බවටද, ඒ සදහා බහුතර සිංහල ජනතාව දැනුම්වත්කොට පෙළගස්වන බවටද

 

  • සිංහල, දෙමළ , මුස්ලිම් සියලු ජනතාවට සාමයෙන් ජීවත්විය හැකි රටක්, අන්තවාදී බලවේග වලට යටත් නොවන රටක්, සැමට සමානව එක නීතියක් ක්‍රියාත්මක වන රටක් ගොඩනගන බවටද

 

  • ශක්තිමත් නායකත්වයක් කොන්ද පණ ඇති ශක්තිමත් නායකයෙක් යටතේ ජනතාව දෙපයින් සිටුවා අභිමානවත්, ආරක්ෂාකාරී සහ සමෘධිමත් රටක් නැවත ගොඩනැගීම සදහා ධෛර්යමත්ව සහ කැපවීමෙන් ඉදිරියට ගමන් කරන බවටද

 

දිවි හිමියෙන් ප්‍රතිඥා දෙමු!

දිවි හිමියෙන් ප්‍රතිඥා දෙමු!

දිවි හිමියෙන් ප්‍රතිඥා දෙමු!

 

 



One thought on “සියලු ජාතිකවාදී බලවේග එක්කොට මහා දේශපාලන සන්ධානයක් ගොඩනැගිය යුතුයි – ජාතික සමතා බලවේගය”

  1. Your friend Mr mahinda Rajapaksha is the one who accepted sharia as a law. I’m not saying this government doing the right thing.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More