හිටපු අමාත්‍යවරුන් වන කබීර් හෂිම් සහ අබ්දුල් හලීම් යන මහත්වරු අද(19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී සිය පෙර පැවැති ඇමැතිධුරයන්හිම යළි දිවුරුම් දී තිබේ.
ඒ අනුව තැපැල් සේවා මුස්ලිම් ආගමික කටයුතු හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා යළි එම තනතුරේම දිවුරුම් දී ඇති අතර, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කබීර් හෂිම් මහතාද යළි එම තනතුරේම දිවුරුම් දී තිබේ.
පාස්කු දා ප්‍රහාරයෙන් පසු ඇති වු සිදුවීම් සමඟ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් , නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ අසාත් සාලි යන මහත්වරු එම නතතුරුවලින් ඉවත් විය යුතුයැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි මහනුවර දළදා මාලිගාව අභියස ඇරැඹු උපවාසයෙන් දින හතරකට පසු ආණ්ඩුකාරවරුන් දෙදෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී තිබිණි.
එම සිදු වීමෙන් අනතුරුව අරලියගහමන්දිරයට රැස්වූ සියලු මුස්ලිම් අමාත්‍යවරු ඒකමතික තීරණයකට එළැඹ සිය තනතුරුවලින් ඉවත් වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...