දේශීය පුවත්

මුලතිව් නයාරූ පිහිටි ගුරුකන්ද රජ මහා විහාරස්ථානය අන්තවාදීන්ගෙන් ආරක්ෂා කරදෙන්නැයි ඉල්ලා හෙළ ජන බලය සංවිධානය විසින් සාමකාමී විරෝධතාවයක් පසුගිය පොසොන් පොහොය දින (16) එම විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ හෙළ ජන බලය සංවිධානයේ කැදවුම්කරු නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා , රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ‍වත්මන් ආණ්ඩුව බෞද්ධ උරුමය ගැන විශාල වෛරයකින් සිටින බවත් මේ ආණ්ඩුව ඉවත් කරන තෙක් මෙම උරුමයන් රැකගැනීම අපහසු කාර්යක් බවත් සදහන් කළේය.

මහපොලවේ තිබෙන බෞද්ධ උරුමය රැකුනේ නැත්නම් ව්‍යවස්ථාවේ තිබෙන එකීය භාවයෙන් පලක් නොමැති බව පැවසූ බැල්ලන්තුඩාව මහතා අපේ බෞද්ධ උරුමයන් රැකගැනීම සදහා පක්ෂ බේදයෙන් තොරව එක්වන ලෙසට ආරාධනා කළේය.

පසුගිය දා නයාරු විහාරස්ථායේ නාමපුවරුවද මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් විසින් අනවසර ඉදිකිරීමක් ලෙස පවසා ගලවා ඉවත් කර තිබුණි.

මෙම අවස්ථාවට ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේ ඇතුලු විශාල පිරිසක් එක්වා සිටියහ.

නිරූධ අසංක

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More