දේශීය පුවත්

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් සිංහල මවුවරුන් සඳහා සිසේරියන් සැත්කම් කරද්දී ඔහුගේ හැසිරීම සහ කි‍්‍රයාකරන ආකාරය ඉතාම සැක සහිත තත්ත්වයක පැවැති බවට

ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකරන විශේෂ විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ ලබාදී ඇත.

ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනා අතරින් 39 දෙනකුම මේ වන විට එම විමර්ශන කණ්ඩායම හමුවේ ෂාෆි වෛද්‍යවරයාගේ මෙම සැක කටයුතු කි‍්‍රයාවන් පිළිබඳ ප‍්‍රකාශ ලබාදී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් තවත් හෙදි නිලධාරිනියන් 30 දෙනකුගෙන් ඉදිරි දිනවලදී ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් කරන අතරතුර සිංහල මවුවරුන් වඳ භාවයට ලක්වන ආකාරයෙන් විවිධ කි‍්‍රයාවන්වල නිරත වූ බවට දැඩි සැකයක් මතුව තිබූ බවද එම හෙදි නිලධාරිනියන් රෝහල් කමිටුව හමුවේ ලබාදුන් කටඋත්තරවල සඳහන්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියි.

සිංහල මවුවරුන් සිසේරියන් සැත්කම් සඳහා භාජනය කරද්දී වෛi ෂාෆි අනවශ්‍ය කලබලයක් ඇති කරන බවත් ඒ අතරතුරදී ඔහු මෙවැනි කි‍්‍රයාවල නිරතවන්නට ඇති බවට සැකකරන බවත් එම හෙදියන් ප‍්‍රකාශ කර තිබේ.

ෂාෆි වෛද්‍යවරයා මෙසේ කලබලකාරී ලෙස සිසේරියන් සැත්කම් කරද්දී තමන්ද දැඩි අපහසුතාවට පත්වූ බව ඇතැම් හෙදි නිලධාරිනියන් විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

සිංහල මවකට සිසේරියන් සැත්කමක් කිරීම සඳහා ෂාෆි වෛiවරයා විනාඩි 13-15 ක් අතර ඉතාම කෙටි කාලයක් වැයකරන අතර මුස්ලිම් මවක් එම ශල්‍යකර්මය සඳහා භාජනය කිරීමට විනාඩි 35-40 ක් අතර කාලයක් වැය කරමින් ඉතාම ක‍්‍රමානුකූලව එම සැත්කම් කර ඇති බව හෙදි නිලධාරිනියන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවී ඇතැයි කුරුණෑගල රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

මුස්ලිම් මවක් සිසේරියන් සැත්කමක් සඳහා භාජනය කරද්දී ශල්‍යාගාරය මුස්ලිම් දේවස්ථානයක ස්වරූපය ගන්නා බවද එම ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

මුස්ලිම් මවකට දරුවකු උපදින අවස්ථාවේ ෂාෆි වෛiවරයා එම දරුවා දෑතින්ම ඔසවාගෙන ආගම සිහි කරමින් යාඤා කරන බවද කුරුණෑගල රෝහල විසින් සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් විසින් සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත්කර ඇති බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් කටයුතු කරමින් සිටී.

රෝහල් කාර්ය මණ්ඩලය මෙම ප‍්‍රකාශ ලබාදී ඇත්තේ එම විශේෂ කමිටුව හමුවේය.

ෂාෆි වෛiවරයාගේ මෙම කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන එම විශේෂ කමිටුව කුරුණෑගල රෝහලේ තවත් වෛද්‍යවරුන් හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ඉදිරියේදී ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

කුරුණෑගල රෝහලේ ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනකු පොලිසිය හමුවේ ප‍්‍රකාශ ලබාදෙමින් ෂාෆි වෛiවරයා නිවැරදි බව පැවසූ බවට ඇතැම් මාධ්‍යවල පළවූ ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල රෝහලේ බලධාරීන් පවසන්නේ ෂාෆි වෛද්‍යවරයා බේරා ගැනීම සඳහා කැපවී සිටින ඇතැම් පුද්ගලයන් මෙවැනි අසත්‍ය ප‍්‍රවෘත්ති විවිධ මාධ්‍යවල පළ කරන බවයි. ෂාෆි
වෛද්‍යවරයාගේ කි‍්‍රයා කලාපය පිළිබඳව නියම සත්‍ය තවත් දින කීපයකින් රටටම හෙළි කරන බවද රෝහල් බලධාරීහු කියා සිටිති.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More