දේශීය පුවත්

රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සෑමවිටම බෞද්ධ දර්ශනය පදනම් කරගත් රාජ්‍ය ප‍්‍රතිපත්තියක් රට තුළ කි‍්‍රයාත්මක විය යුතු අතර ලෝකයේ බොහෝ රටවල තිබෙන අහිතකර තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අපේ රට තුළ සෑම ජනකොටසකටම සහ ආගමිකයෙකුටම නිදහසේ ජීවත්වීමට හැකි පරිසරය ගොඩනැගී තිබෙන්නේ බෞද්ධ දර්ශනයේ එම මානවවාදී මඟපෙන්වීම හේතුවෙන් බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ හගුරන්කෙත, මාදන්වල රජමහා විහාරයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවයට අද (18) පස්වරුවේ එක්වෙමිනි.

ඓතිහාසික වටිනාකම් රැසකින් සමන්විත ඓතිහාසික මාදන්වල රජමහා විහාරය වෙත අද පස්වරුවේ ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය සඳහා එක් විය.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වුණු අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.බී. දිසානායක මහතා ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More