දේශීය පුවත්

පසුගිය දිනවල මෙරට මාධ්‍යයන්ගේ සහ සමාජ මාධ්‍යයන්ගේ දැඩි ලෙස කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරදී ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩන් කොටි ඩයස්පෝරාව සිදු කළ ඩයස්පෝරාව විරෝධතාවයයි.

ඕවල් ක්‍රීඩා පිටිය ඉදිරිපිටට රැස් වූ කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාව සහ මෙරට ආරක්ෂක අංශයන්ට විරුද්ධ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූවා.

මෙරට ජනතාව දැඩි ලෙස කතාබහට ලක්වූ සිදුවූ සිදුවීම සිදුවූයේ ඉන්පසුවයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිට එංගලන්තයේ ලෝක කුසලානයේ තරග නැරඹීමට පැමිණ සිටි ශ්‍රී ලංකා රසිකයන් කොටි ඩයස්පෝරාවේ විරෝධතාවය ඉදිරිපිටට රැස් වී පපරේ සංගීතය වාදනය කරමින් කොටි ඩයස්පෝරාවට අපූරු විරෝධයක් එල්ල කළා.

ශ්‍රී ලාංකිකයන්ගේ එම විරෝධතාවය ඉදිරියේ කොටි ඩයස්පෝරාව අතිශය කෝපයටත්, ලැජ්ජාවටත් පත් වී සිටිනුද ඉන්පසුව දැක ගත හැකි වූවා.

මෙහිදී මෙම විරෝධතාවයට පපරේ සංගීත කණ්ඩායමේ වාදකයෙක් ලෙස එක්වූ ශ්‍රී ලාංකිකයෙක් එම විරෝධතාවය පිළිබඳ තැබූ ෆේස්බුක් සටහනක් කතාබහට ලක්ව තිබේ. එහිදී මෙම විරෝධතාවය ඇරඹුනු අයුරු ඔහු විස්තර කර තිබේ.

කොටි ඩයස්පෝරාවේ පිරිස විසින් එක්වී මෙම විරෝධතාවය සිදු කරද්දී එක් ශ්‍රී ලාංකිකයෙක් ඔවුන් ඉදිරියට තනිව පැමිණ තමන් සතුව තිබූ සිංහ කොඩිද ප්‍රදර්ශනය කරමින් තනිව කොටි ඩයස්පෝරාවට එරෙහිව විරෝධතාවයේ නිරතව සිට තිබෙනවා.

මෙම අපූරු විරෝධතාවය පිළිබඳව එයට එක්වූ පපරේ සංගීත කණ්ඩායමේ සිටි ශ්‍රී ලාංකිකයෙක් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More