දේශීය පුවත්

බැංකු සේවකයන්ගේ වරප්‍රසාද මත රජය විසින් බදු අය කිරීමට එරෙහිව සහ බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව මුල් කර ගනිමින් මුදල් අමාත්‍යංශය සමග පැවැත්වූ සියලු සාකච්ජා අසාර්ථක වී ඇති බැවින් සමස්ත බැංකු සේකයන්ගේ සහභාගිත්වයෙන් මහා වැඩ වර්ජනයකට යොමු වීමට තීරණය කර ඇතැයි ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා අද (17) කොළඹ , ලංකා බැංකු සේවක සංගම් මුලස්තානයෙදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

වැඩ වර්ජනයට පෙර වෙනත් වර්ත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බවත් ඒවාට රජය නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් අවසාන පියවර ලෙස බැංකු සේවක වැඩ වර්ජනයක් සිදු කරන බවද දිසානායක මහතා කීවේය.

මේ අනුව ජුනි 24 දිනෙන් ආරම්භ වන සතියේ සිට ක්‍රියාමාර්ගවලට යොමු වීමට සහ සතියෙන් සතිය වර්ත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමටද තීරණය කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.

මේ අනුව ආරම්භක පියවර ලෙස ජුනි 24 දින සිට විරෝධතා ලාංජන පැළද බැංකු සේවකයන් සේවයට වාර්තා කරන බවද, ජුනි 25 දින මුළු දිවයිනම ආවරණය වන පරිදි පිකට් උද්ගෝෂණ ප්‍රධාන නගර 24ක පවත්වන බවද , ජුලි 02 සිට දිවයින පුරා විරෝධතා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරන බවද ජුලි 04 දින රටේ සියලු උප නගරවල පිකට් උද්ගෝෂණ මාලාවක් සිදු කරන බවද ඉන් පසු ජුලි 04 සිට ජුලි 12 දක්වා කාලය තුළ කොළඹ නගරයේ බැංකු ප්‍රධාන කාර්යාල ඉදිරිපිට උද්ගෝෂණ පහක් සංවිධානය කර ඇති බවද චන්න දිසානායක මහතා කියා සිටියේය.

ලංකා බැංකුව ,මහජන බැංකුව ,ජාතික ඉතිරිකිරීමේ බැංකුව ,කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව යන බැංකුවල මුලස්ථාන ශාඛා පහ ඉදිරිපිට මේ පිකට් උද්ගෝෂණ සිදු කෙරෙන චන්න දිසානායක මහතා කීවේය.

ජුලි 18 දින සවස 3.15 ට සේවයෙන් බැහැර වීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට සහ ජුලි 25 සිට දවල් 12.30ට සේවයෙන් බැහැර වීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකටද යොමු වන බවද අවසානයේ ජුලි 30 දින එක දින වැඩ වර්ජනයක් සහ සියලු බැංකු සේවකයන්ගේ සාමාජික සභාවක් පවත්වන බවද ඒ මහතා කියා සිටියේය.

මෙහිදී කතා කළ ලංකා බැංකු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් සේනානායකවිශ‍්‍රාම වැටුප් ගැටලූ හා සේවක සුභසාධන ප‍්‍රතිලාභ මත බදු අයකිරීම සම්බන්ධව සංගමයේ ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබානොදීම නිසා අපි මේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට යොමු වෙනවා.

රාජ්‍ය බැංකුවල 1996 න් පසු බැඳුනු සේවකයින්ට ස්ථාපිතකර ඇති විශ‍්‍රාම ක‍්‍රමවේදයන්හි පවතින ගැටලූ නිරාකරණය කරන මෙන් ද, විශ‍්‍රාමයක් නොමැති බැංකුවල විශ‍්‍රාම ක‍්‍රමවේදයක් ස්ථාපිත කරන මෙන් ද ඉල්ලා අප සංගමය විසින් මුදල් අමාත්‍යංශය වෙත 2019 ජනවාරි මස යෝජනා ඉදිරිපත් කළා. ඒ පිළිබඳව සියලූ බැංකුවල පාලනාධිකාරීන් ද අප විසින් දැනුවත්කර තිබෙනවා . නමුත් මේ දක්වා මුදල් අමාත්‍යංශය වෙතින් කිසිදු ප‍්‍රතිචාරයක් ලැබී නැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More